ශිෂ්‍යත්ව හපනුන්ට සබරගමුව පළාත් සභාවෙන් ලක්‍ෂ දෙකක්‌

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක්‌ ලබා දිවයිනේ පළමුවැනියා වූ ඇඹිලිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ වෙනුජ නිම්සෙත් සිසුවාගේ සහ ලකුණු 197 ක්‌ ලබා තුන්වැනි ස්‌ථානය ලැබූ මාවනැල්ල සහිරා මධ්‍ය මහා විදුහලේ මොහොම්මදු නිස්‌මාර් ෆාතිමා සාමා යන ශිෂ්‍යාවගේ ජයග්‍රහණ අගය කරමින් ඔවුන්ට මුදලින් රුපියල් ලක්‍ෂය බැගින් පරිත්‍යාග කිරීමට සබරගමු පළාත් සභාව තීරණය කර ඇත.

මෙම ජයග්‍රහණය සැලවූ වහාම දුරකථනය ඔස්‌සේ වෙනුජ නිම්සෙත් සිසුවා හා ඔහුගේ පියාද ෆාතිමා ශිෂ්‍යාවද අමතමින් සිය සුබපැතුම් පළ කළ මහ ඇමැති මහීපාල හේරත් මහතා මෙම ජයග්‍රහණය සබරගමු පළාතට ගෙන දුන් සිසුන්ටද විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මඬුල්ලටද තම ප්‍රණාමය පළකරන බව කීය.

මේ පිළිබඳව කළ විමසුමකදී මහ ඇමැතිවරයා සඳහන් කළේ පළමු ස්‌ථානයට පත් මෙම සිසුවාට සහ ෆාතිමා සාමා ශිෂ්‍යාවට රුපියල් ලක්‍ෂය බැගින් පරිත්‍යාග කිරීමට, පළාත් මුදල් අමාත්‍යවරයා වශයෙන් තමා ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.