දැරිය පැහැරගත් ගී්‍රස්‌ යකා යළි රක්‍ෂිතයට

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර කුරුණෑගල

ගනේවත්ත නිකදළුපොත පදිංචිව සිටි පමාරා කේෂානි බණ්‌ඩාර (අවු. 4) දැරිය රහසිගතව පැහැරගෙන ගොස්‌ දින තුනක්‌ පුරා රඳවාගෙන සිටි ගාමිණී නොහොත් ගී්‍රස්‌ යකා සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිට නැවත නඩු විභාගය සඳහා 24 දා අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

කුරුණෑගල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතාගේ නියෝග මත මෙම සිදුවීමට සැකපිට බන්ධනාගාර ගතකර සිටින ගාමිණී නොහොත් ගී්‍රස්‌ යකා ඔක්‌තෝබර් 06 දින තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මෙම දැරිය පැහැරගෙන ගොස්‌ රඳවා ගැනීම සඳහා අනුබල දුන්, ගී්‍රස්‌ ගාමිණීගේ මව වන ඊ. ඒ. ගුණවතී සහ ආර්. ප්‍රේමසිරි රාජපක්‍ෂ නමැති අයද ඔක්‌තෝබර් 06 දින තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති දූරසිංහ මහතා විත්තිකරුවන්ට ඇප ඉල්ලා සිටියත් මහෙස්‌ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.