අගෝස්‌තුවේ සංචාරක පැමිණීම් සියයට 13 කින් නගී

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඉකුත් අගෝස්‌තු මස සංචාරක පැමිණීම් 1,40,319 දක්‌වා සියයට 13.8 කින් ඉහළ ගොස්‌ ඇත.

ගිය වසරේ 2013 අගෝස්‌තු මාසයේ පැමිණි විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය 1,23,269 ක්‌ විය.

මේ සංචාරකයන්ගේ සියයට 47.6 කටම දායක වී ඇත්තේ ඉන්දියාව, එක්‌සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් පහෙන් පැමිණි සංචාරකයන්ය.

එසේම සංචාරක ඉපයීම් ගිය වසරේ (2013) අගෝස්‌තු මාසයේ දී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 165.9 සිට ඉකුත් අගෝස්‌තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 202.7 ක්‌ දක්‌වා සියයට 22.2 කින් ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.