ව්‍යාපාරිකයකුට විකිණීමට යද්දී
පාසල් පෙළ පොත් සමග විදුහල්පති හා ව්‍යාපාරිකයා අත්අඩංගුවට

හැටන් අධ්‍යාපන කලාපයට අයත් නෝර්වුඩ් ඩන්කල් දෙමළ මහා විද්‍යාලයේ තිබූ පෙළ පොත් 1000 කට ආසන්න ප්‍රමාණයක්‌ ප්‍රවාහනය කරමින් තිබියදී නෝර්වුඩ් පොලිසිය විසින් පෙරේදා (27 දා) පස්‌වරුවේ එම විද්‍යාලයේ විදුහල්පතිවරයා හා පෙළ පොත් තොගය මිලදී ගත් ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඩන්කල් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් හැටන් ප්‍රදේශයේ පරණ භාණ්‌ඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයකුට මෙම පෙළපොත් තොගය අලෙවි කිරීමට වෑන් රථයකින් ප්‍රවාහනය කරන බවට ලබාදුන් දුරකථන ඇමැතුමක්‌ අනුව සැකකරුවන් හා පෙළපොත් සමග වෑන් රථය පොලසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති පෙළ පොත් 2010,2011 හා 2012 යන වර්ෂවල මුද්‍රණය කර ඇති බවත් ඒවා 06 වන ශ්‍රෝණියේ සිට 12 වන ශ්‍රෝණිය දක්‌වා පන්තිවලට අයත් බවත් පවසන පොලිසිය පෙළපොත් කිලෝ එකක්‌ රුපියල් 8 බැගින් අලෙවි කර ඇති බවත් පවසයි. අනුමැතියක්‌ ඇතිව පෙළපොත් විකුණනු ලබන්නේ නම් ඒවායේ අවලංගු කර ඇති බවට නිල මුද්‍රdවක්‌ යෙදිය යුතු වුවත් අත්අඩංගුවට ගත් පොත් තොගයේ එසේ අවලංගු කළ බවට කිසිදු නිල මුද්‍රdවක්‌ නොතිබුණ බවට මූලික පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පොත් තොගය හා සැකකරුවන් සමග වෑන් රථය හැටන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව නෝර්වුඩ් පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චින්තක විඡේසිංහ මහතා පැවැසීය.

අත්අඩංගුවට ගත් පෙළ පොත් තොගය පොලිස්‌ නිලධාරීන් පරීක්‍ෂා කරන අයුරු.

ඡායාරූප හා සටහන - මස්‌කෙළිය ගාමිණි බණ්‌ඩාර ඉලංගන්තිලක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.