හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම් ඉහළට

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

හම්බන්තොට මාගම් රුහුණපුර වරාය මෙම 2014 වසරේ මේ දක්‌වා වාහන මෙහෙයුමේ ඒකක සංඛ්‍යාව 10,0000 ඉක්‌මවූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

2012 වසරේ ජුනි මස ඇරඹු වාහන මෙහෙයුම් සඳහා එම වසර අවසන වන විට නෞකා 31 ක්‌ පැමිණ තිබූ අතර 2013 වසරේ එම සංඛ්‍යාව 137 ක්‌ විය. මෙම වසරේ සැප්තැම්බර් මස වන විට පැමිණි නෞකා සංඛ්‍යාව 161 ක්‌ වූ අතර 2012 වසරේ සිට මේ දක්‌වා පැමිණි මුළු නෞකා සංඛ්‍යාව 329 කි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.