ජුලි මස ආනයන වියදම් 28.8% කින් වැඩිවේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඉකුත් ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1845.3 ක්‌ දක්‌වා සියයට 28.8 කින් ඉහළ ගොස්‌ ඇත.

ගිය වසරේ (2013) ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1433 ක්‌ විය.

මුළු ආනයන වියදම නියෝජනය කරන පාරිභෝගික භාණ්‌ඩ ආනයන වියදම සියයට 17 කින්ද, අතරමැදි භාණ්‌ඩ ආනයන වියදම සියයට 44.3 කින් සහ ආයෝජන භාණ්‌ඩ ආනයන වියදම සියයට 4.7 කින්ද ඉකුත් ජුලි මාසයේ දී ඉහළ ගොස්‌ තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.