සිංහල බෞද්ධ නව නායකයකු හඳුනාගෙන
ජනාධිපතිවරණයට එනවා

ගලගොඩඅත්තේ ඥනසාර හිමි කියයි

ශිරාන් රණසිංහ

සිංහල, බෞද්ධයන් හැටපන් ලක්‍ෂයක පිරිසක්‌ සමග සිංහල බෞද්ධ ප්‍රතිපත්ති ඇති නව නායකයකු හඳුනාගෙන හෝ ඉදිරි ජනාධිපතිවරණයට පැමිණෙන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

ධර්මාසනය භික්‍ෂුවට කැමති පරිදි සකසාගත හැකිවා සේම රාජාසනයද මේ භික්‍ෂුවට හදන්නට පුළුවනැයි බොදුබල සේනා සංවිධානයේ "දැය නගන මග" මහ සමුළුව අමතමින් උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ ඊයේ (28 වැනිදා) සවස පැවති මෙම මහ සමුළුවට භික්‍ෂූන් වහන්සේලා පන්දහසකට වඩා වැඩි පිරිසක්‌ හා ගිහියන් විශාල පිරිසක්‌ද එක්‌ව සිටියහ.

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට අති විශාල ගෞරවයක්‌ ඇතැයි ද උන්වහන්සේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට එන්නේ නම් උන්වහන්සේ පිටුපස සිටින පිරිස කවුදැයි යන්න සොයා බලන ලෙසද උන්වහන්සේ එහිදී කියා සිටියහ.

ජනාධිපති මහින්ද වේවා, සෝභිත හිමි වේවා කවුරු ආවත් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව සහ සම්බුද්ධ ශාසනය රකින, මේ නිද්‍රdශීලී ජාතිය අවදි කරන අලුත් නායකයකු හදාගෙන හෝ ඉදිරි ජනාධිපතිවරණයට පැමිණ මේ රටේ කොමිස්‌ ගසන, හොරකම් කරන කප්පම් ගන්නා ක්‍රමය වෙනස්‌ කර, බොදුබලය දල්වලා සිංහල බෞද්ධ රටක්‌ හැදීමේ සටන ආරම්භ කරන බවද කියා සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.