රුසියානු තානාපති කාර්යාලය පුවත ගැන කරුණු පහදයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමර් පුටින්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව "දිවයින" පත්‍රයේ පළවූ පුවත පිළිබඳව කොළඹ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක්‌ නිකුත් කර ඇත. එහි මෙසේ සඳහන් වේ.

2011 වසරේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් එවකට රුසියානු ජනාධිපතිවරයාව සිටි ඩිමිත්‍රි මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. එය දෙදෙනා අතර සිදුවූ පෞද්ගලික හමුවීමකදී කර ඇති ඇරයුමකි. එහෙත් තවමත් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් හෝ දින වකවානු හෝ තීරණය කර නැත.

මේ පිළිබඳව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක මොහාන් සමරනායක මහතා පැවසුවේද තවමත් දින නියමයක්‌ නැති බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.