උතුරේ ප්‍රථම ආයෝජන සමුළුව අද යාපනයේ

චමින්ද සිල්වා යාපනයේ සිට

උතුරට නව ආයෝජකයන් හඳුන්වාදීම සඳහා පවත්වන ප්‍රථම ආයෝජන සමුළුව අද 29 වැනිදා පෙරවරු 9.00 ට ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී ආරම්භ වේ.

මෙම අවස්‌ථාවට උතුරු ප්‍රදේශයේ මෙන්ම විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ආයෝජකයින් රැසක්‌ම සහභාගි වීමට නියමිතය. ඇමැති ඩග්ලස්‌ දේවානන්ද, උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්, උතුරු ආණ්‌ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු උතුරු ප්‍රදේශයේ දේශපාලනඥයන් රැසක්‌ මෙම අවස්‌ථාව නියෝජනය කිරීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.