ශ්‍රී ලංකා රජය සැමවිටම දෙමළ සන්ධානය
හා සියලු පක්‍ෂ සමග සාකච්ඡාවට සූදානම්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් ඒ සඳහා යාන්ත්‍රණයක්‌ ද සකසා තිබෙනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දීය අගමැති හමුවේදී කියයි




ශ්‍රී ලංකා ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවී...


ශ්‍රී ලංකා රජය සැමවිටම දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා සඳහා සූදානම් බවත් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කර ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අගමැති නරේJද්‍ර මෝදි මහතා හමුවූ අවස්‌ථාවේදී පවසා තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරට ගොස්‌ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අගමැති නරේJද්‍ර මෝදි මහතා අතර පෙරේදා (27 දා) පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙරටේ නායකයන් දෙපළ මෙම සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්‌තිමත් කිරීමට එකඟ වූහ.

නායකයන් දෙපළ අතර සුහදව පැවති සාකච්ඡාවට දෙරට අතර අෙන්‍යාන්‍ය සැලකිල්ලට භාජනය වන කරුණු රැසක්‌ පිළිබඳව අවධානයට යොමු විය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික සන්ධානය, ඉන්දීය නායකයා සමග මෑතක දී පැවැත්වූ හමුව පිළිබඳව අදහස්‌ දක්‌වමින්, අගමැතිවරයා එම කණ්‌ඩායම සමග කළ සාකච්ඡාව ගැන ජනාධිපති රාජපක්‍ෂ මහතා දැනුවත් කළේය. ඒ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක්‍රියාවලියේ වැදගත්කම අගමැති මෝදි මහතා පිළිගත්තේය.

විශේෂයෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක්‌ වටිනා මූල්‍ය සම්පත් වෙන් කිරීම ඇතුළුව, රජය උතුරු පළාතට සහාය ලබාදෙන ක්‍රම පිළිබඳව ද ජනාධිපතිතුමා, අගමැතිවරයා දැනුවත් කළේය.

ධීවරයන්ගේ ප්‍රශ්නයේදී ඒ සඳහා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සංවේදිතාවන් සැලකිල්ලට ගෙන කරුණු සුපරික්‌ෂාකාරීව සැලකිය යුතු බව නායකයන් දෙපළ එකඟ වූහ. මුහුදු පතුල ට්‍රොaලනය (ඊදඑඑදප එර්අකසබට) ක්‍රමවේදය පිළිබඳව නම් අවධානය නැවතත් ජනාධිපති රාජපක්‍ෂ මහතා සැල කර සිටියේය.

"විශාලම ප්‍රශ්නය පතුල ට්‍රොaලනය ක්‍රමවේදයයි" යනුවෙන් ජනාධිපතිතුමා පැවසීය. "එය දැන් නීති විරෝධී ක්‍රමයක්‌, අපි ශ්‍රී ලාංකීය ධීවරයන්ට පතුල ට්‍රොaලනය තහනම් කර තිබෙනවා. එමගින් සාගර පත්ලට හා සම්පත්වලට වෙනස්‌ කළ නොහැකි හානි සිදුවෙනවා."

පතුල ට්‍රොaලනය කිරීම තමන්ට තහනම්ව තිබියදී ඉන්දියානු ධීවරයන්ට එම තාක්‌ෂණය භාවිතා කිරීමට ඉඩදීම, උතුරේ ශ්‍රී ලාංකික ධීවරයන් අසාධාරණයක්‌ ලෙස සලකන බව ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී (UNHRC), ඉන්දියාවේ සහාය සහ ඵලදායී පියවර පිළිබඳව ජනාධිපති රාජපක්‍ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාට සිය ස්‌තුතිය පළ කර සිටියේය.

"අප එකට ජීවත්විය යුතුයි. එම නිසා අප එකිනෙකාට උදව් කළ යුතු වනවා." අදහසට පිළිතුරු දක්‌වමින් අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.

මෙයට අමතරව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (27 දා) එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් මහතාද එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී හමුවී සාකච්ඡා පැවැත් වීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්‌ථාවන්ට එක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.