කරුවලගස්‌වැව ප්‍රා.සභාපති අපේ
කටවුට්‌ කැඩූ නිසා මේ ප්‍රශ්නය ඇතිවුණා

එජාප පා. ම. රංගේ බණ්‌ඩාර


නෝමන් පලිහවඩන

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජය සංකේතවත් කරන උත්සව මාලාවක්‌ අපි සංවිධානය කළා. කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාපතිවරයා අපේ කටවුට්‌ කැඩූ නිසා මෙම ප්‍රශ්නය ඇතිවූයේ යෑයි පුත්තලම දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්‌ඩාර මහතා "දිවයින"ට ඊයේ ප්‍රකාශ කළේය. ඒ මහතා මෙසේද කීවේය.

අපේ කටවුට්‌ කැඩූ නිසා අපි ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් ඒවා ඉල්ලුවා. කැඩූ කටවුට්‌ දෙන්නම් කියලා අපි ඔහුගේ කරුවලගස්‌වැව ගේ ළඟට කැඳවා ප්‍රශ්න ඇතිකළා.

මෙම සිද්ධිය පිළිබඳව පුත්තලම මහෙස්‌ත්‍රාත්වරයා අපි තුන්දෙනාව රුපියල් ලක්‍ෂයේ ශරීර ඇපමත නිදහස්‌ කළා. දැන් ප්‍රශ්න මුකුත් නැහැ. එජාප ජය තහවුරු කිරීමේ උද්ඝෝෂණ රැස්‌වීම් මාලාව අපි දිගටම කරගෙන යනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.