බස්‌නාහිර පරිගණක ටෙන්ඩරය හිතවත් සමාගමකට දෙන හැඩ

නිලන්ත මදුරාවල

බස්‌නාහිර පළාත් සභාවට අයත් පාසල්වලට පරිගණක පන්සියයක්‌ මිලට ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර මෙලෙස ටෙන්ඩර් කැඳවා ඇත්තේ එක්‌ පෞද්ගලික ආයතනයක්‌ ඉලක්‌ක කර ගනිමින් බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේම ඉහළ නිලධාරීහු චෝදනා කරති.

මේ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ආයතන දස වසරකට අධික කාලයක්‌ පරිගණක අලෙවි කිරීමේ අවශ්‍යතාව අනිවාර්ය කොන්දේසියක්‌ ලෙස පැනවීම අසාධාරණ යෑයි ද මේ නිසා ක්‍ෂේත්‍රයේ බොහෝ පෞද්ගලික ආයතන දැඩි අපහසුතාවට පත් වන බවද එම නිලධාරීහු පෙන්වා දෙති.

මෙම පරිගණක මිලදී ගැනීමට සූදානම් වන්නේ ලෝක බැංකු ව්‍යාපෘතියකට අනුවය.

එක්‌ පෞද්ගලික ආයතනයකට ටෙන්ඩරය ලැබෙන පරිදි මෙලෙස කටයුතු කරන්නේ කුමන අවශ්‍යතාවක්‌ මතද යන්න පිළිබඳව වහාම සොයා බැලිය යුතු යෑයි ද ඉහත කරුණු දැක්‌වූ නිලධාරීහු සඳහන් කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.