විදුලි බිලේ 25% අඩුකිරීම ස්‌ථිරයි

ඇමැතිනි පවිත්‍රා කියයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනය කළ පරිදි සෑම ගෘහස්‌ථ පාරිභෝගිකයකුටම තමන්ගේ විදුලි බිලෙන් 25% ක්‌ අඩු කිරීම සිදුවන බවත්, ඊට අදාළ ගැසට්‌ නිවේදනය ලබන සතිය තුළ නිකුත් කෙරෙන බවත් විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය පෙන්වා දුන්නේ මීට අදාළ කටයුතු මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්‌ඩලය මේ දිනවල සිදුකරමින් සිටින බවයි.

විශේෂයෙන්ම 2014 සැප්තැම්බර් මස 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි, ඊළඟ විදුලි බිලෙන් මෙම 25% අඩුකිරීම සිදුකරනු ලබන බවද ඇමැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.