මේ ජීවිතය බේරා ගැනීමට පිහිටවීමට ඔබටත් පුළුවන්

නො. 187/1, බත්තරමුල්ල, කොස්‌වත්ත, තලංගම උතුර පදිංචි කේ. ඩී. රංජිත් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඒ මහතාට "බී" හෝ "ඕ" පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බවට මහාචාර්ය රිස්‌වි ෂෙරිෆ් මහතා නිර්දේශ කර ඇත. මෙම වකුගඩු බද්ධය හැකි ඉක්‌මනින් කළ යුතු බව මහාචාර්යවරයාගේ අදහසයි.

පාසල් අධ්‍යාපනය ලබන දරුවකු ද සිටින රංජිත් මහතා දෙදරු පියෙකි. හැකි ඉක්‌මණින් වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බැවින් ඒ සඳහා වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙත්නම් දුරකථන අංක. 0729770421 හෝ 0710605737 විමසා දැනගත හැකිය. දැනට දින දහයකට වරක්‌ ලේ පවිත්‍ර කිරීමට සිදුව ඇති නිසා ඒ සඳහා ද විශාල මුදලක්‌ වැය කිරීමට සිදුව ඇත.

වෙනත් ආදායම් මාර්ගයක්‌ නොමැති ඒ මහතාට මුදලින් ආධාර කිරීමට කැමැති අයකු වෙත්නම් බත්තරමුල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඔහුගේ බිරිඳ වන ජී. එස්‌. ආර්. පෙරේරා නමින් ඇති අංක 1-0080-02-7836-0 දරණ බැංකු ගිණුමට ඔබේ ආධාර බැර කරන ලෙස ඒ මහතා කාරුණිකව ඉල්ලා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.