ඇපකැප වී ක්‍රියා කළොත් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්

කොළඹ වෙස්‌ලි විදුහලේ රුචිර


මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක්‌ ලබාගෙන ලංකාවෙන් සිව්වැනියා වීමට කොළඹ වෙස්‌ලි විදුහලේ ඉගෙනුම ලබන කේ. ජී. පී. රුචිර සෙහාන් ජයවීර සිසුවා සමත් වී තිබේ.

මිනුවන්ගොඩ කලවාන ශ්‍රමදාන මාවතේ පදිංචි රුචිරගේ පියා වන ඉලංගනන්ද කුමාර මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහකාර කළමනාකරුවකු වශයෙන් සේවය කරන අතර මව වන රේණුකා ප්‍රියදර්ශනි මහත්මිය පුද්ගලික ආයතනයක ලේකම්වරියක්‌ ලෙස කටයුතු කරනු ලබයි. රුචිරගේ නැගණිය වන රිසදි පෙවින්යා ජයවීර ගම්පහ හෝලික්‍රොස්‌ පාසලේ 3 වසරේ ඉගෙනුම ලබයි. ලැබු ජයග්‍රහණය පිළිබඳ අදහස්‌ දැක්‌වූ රුචිර සිසුවා මෙසේ පැවසීය.

මා ඉගෙන ගන්නා වෙස්‌ලි විදුහලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්‌ඩලය සහ මාගේ ශිෂ්‍යත්ව ගුරුවරයා වූ ලක්‌මාල් ගුරුසිංහ මහතා මාගේ ජයග්‍රහණයට මහත් ශක්‌තියක්‌ වුණා. ඒ වාගේම මගේ පියාණන් සහ මව මෙන්ම නංගි මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවශ්‍ය සියලු වටපිටාව සකසමින් මහත් ධෛර්යයක්‌ ලබා දුන්නා. පෙරහුරු ප්‍රශ්න පත්‍ර මෙන්ම ගෙදරදී කිරීමට පැවරුන පාසල් වැඩ එදිනෙදා කළා. සෙනසුරාදා ඉරිදා හැරෙන්න රූපවාහිනි බැලුවේ නැහැ. ගෙදර අයත් රූපවාහිනියෙන් ඈත් වෙලා කටයුතු කළා. නංගිලා මල්ලිලාට මා කියන්නේ හොඳින් ඇපකැපවී වැඩ කළොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් යෑයි ද ඇය පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.