මගීන් පටවාගෙන ඉන්ධන පුරවන්න යන
පෞද්ගලික බස්‌ රථ ගැන 0112871352ට කියන්න

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ඉන්ධන ලබා ගැනීමට මගීන්ද රැගෙන පිරවුම් හල් වෙත යන පෞද්ගලික බස්‌ රථ සම්බන්ධයෙන් 0112-871352 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි බස්‌නාහිර පළාතේ මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

දිගින් දිගටම පෞද්ගලික බස්‌ රථ මෙලෙස ඉන්ධන පිරවුම්හල් වලට යන බවත් මේ නිසා සිය රැකියා ස්‌ථානයන්ට හා පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා යැමට ප්‍රමාද වන බවත් එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු චෝදනා කරති.

විශේෂයෙන්ම හයිලෙවල් මාර්ගයේ ධාවන වන මාර්ග අංක 138 සහ සොයිසාපුර - මට්‌ටක්‌කුලිය, කොට්‌ටාව - ගල්කිස්‌ස යන මාර්ගවල බස්‌ රථ මෙම වරද සිදුකරන බවද මගීහු කියති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.