ගම්පහ හෙට්‌ටියාදෙණියේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයෙහි කාලෝචිත දහම් වැඩසටහනක්‌..


ත්‍රිපිටකය හදාරමින් ධර්මය ප්‍රගුණ කරන කහ රෙදි ඇඳගත් උවසු උවැසියන් පෙරටුකොටගෙන කැටවල හේමාලේක නාහිමින් දානය සඳහා වැඩි ආකාරය.


ඡායාරූපය - ටියුඩර් දිසානායක - ගම්පහ

ටියුඩර් දිසානායක - ගම්පහ අතිරේක සහ සුසිල් රණමුක - ගම්පහ සමූහ

ගම්පහ හෙට්‌ටියාදෙණියේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයෙහි පූජ්‍යපාද කැටවල හේමාලෝක නාහිමියන් විසින් මීට මාස 5 කට ප්‍රථම සමස්‌ත දිවයිනම ආවරණය වන පරිදි උවසු උවැසියන් 200 ක්‌ පමණ සහභාගි කරවාගෙන කරගෙන යනු ලබන ධර්ම සඡ්Cධායනාව ඉතාමත් කාලෝචිත වැඩසටහනකි.

මෙය සියෑසින් දැක බලා ගැනීම සඳහා අපි පසුගිය පොහෝ දින (සැප්තැම්බර් 08) වැනිදා ශ්‍රී සුදර්ශනාරාම ධර්ම නිකේතනය වෙත ගියෙමු. එහිදී අපට දැක ගැනීමට ලැබුණේ කැටවල හේමාලෝක නාහිමියන්ගේ සුමධුර ධර්ම දේශනයට සවන්දීම සඳහා නොයෙකුත් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණ පන්සල් බිම අතුර සිදුරු නැතිව පිරී ඉතිරී ගිය උවසු උවැසියන් පිරිසකි.

එදින උදේ වරුවේ පැවැති ධර්ම දේශනයෙන් අනතුරුව නාහිමියන් බැහැදැක මේ පිළිබඳව විමසුවෙමු.

උන්වහන්සේ අප සමග පැවසුවේ අද මෙතැනට සිල් සමාදන් වීම සඳහා 2000 කට අධික පිරිසක්‌ සහභාගි වී සිටින බවත් ඔවුන් සියලුම දෙනා සඳහා දහවල් දානය විහාරස්‌ථානයේ නිල නොලත් දායක සභාව මගින් පිරි නමන බවත්ය.

පැවිදි වීමට අපේක්‍ෂාවෙන් ධර්මය අධ්‍යයනය කරමින් සිටින 200 ක පමණ වූ පිරිසක්‌ කාල සටහනකට අනුව ත්‍රිපිටක ධර්මය ප්‍රගුණ කිරීම ආරම්භ කර ඇති අතර එම වැඩසටහන ඉදිරියට කරගෙන යන බවත්, ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ දාන මානාදිය දායක සභාව මගින් පිරිනමන බවත්ය.

මෙම පිsරිසෙන් ස්‌ථිර භික්‍ෂුත්වයට 52 දෙනකු දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ද උන් වහන්සේ පැවසූහ.

ධර්ම නිකේතනයෙහි ධර්මය ප්‍රගුණ කරන්නන් උදෙසා බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ වේභාර පර්වතයෙහි සප්තපර්ණී ගල්ගුහාවේ ආකෘතිය අනුව "ධර්ම පර්යේෂණ" මන්දිරයක්‌ නිමවා ඇත.

මඩ වගුරක්‌ව පැවති මෙම භූමිය ඉදිකිරීම සඳහා දැනටමත් රුපියල් 9 කෝටියකට අධික මුදලක්‌ වැය කර ඇත.

කැටවල හේමාලෝක හිමියන් අප සමග පැවසුවේ 200 දෙනකු සඳහා ත්‍රිපිටක ධර්මය ප්‍රගුණ කළ පැවිදි වීමට අපේක්‍ෂිත පිරිස සඳහා "සෙත් සෙවණ" නමින් වූ සංඝාවාස ගොඩනැඟිල්ලක්‌ ඉදි කිරීමට නියමිත අතර ඒ සඳහා විශාල මුදලක්‌ දැරීමට සිදුවන බැවින් එයට දායක වීමට කැමැති පින්වත් පිරිසක්‌ සිටී නම් මෙම නිකේතනයෙහි කෙරෙන වැඩසටහන දැක බලා ගැනීමට පැමිණ හෝ එසේ නොමැති නම් 033-2224384/071-4222844 යන දුරකථන අංකයන්ගෙන් විමසන ලෙසය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.