පුරාවස්‌තු හෝ නිධන් හොයන්න කළුගල විද්ද සැකකරුවෝ රිමාන්ඩ්

රත්නපුර විශේෂ - තිලකසිරි දෑලබණ්‌ඩාර

පුරාවිද්‍යා හෝ නිධන් වස්‌තු සෙවීමේ අදහසින් ඉඳුරුව රක්‌ෂිතයේ කළුගල් තලාවක්‌ බිඳිමින් සිටි පුද්ගයන් දෙදෙනකු අද (29 වැනිදා) තෙක්‌ රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්.එස්‌.කුමාර මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

මොනරාගල සහ ගිලීමලේ පදිංචි දෙදෙනෙක්‌ එම සැකකරුවෝ වූහ.

මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 24 වැනිදා අඩි 90 ක්‌ දිග ගල්තලාවක්‌ මත අඩි 3 ක්‌ ගැඹුරට හාරමින් සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමරත්න මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුවන් සමඟ වතුර ඉසින යන්ත්‍රයක්‌, ගල්විදින යන්ත්‍රයක්‌ සහ යකඩ උදලු ආදියද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතිඥ මල්කාන්ති වැකුණගොඩ මහත්මිය පැවසුවේ සැකකරුවන් කළේ පතල් කැපීමක්‌. නිධාන් හෑරීමක්‌ නොවන බවත් ඉඩම රජයේ ඉඩමක්‌ නොවන බවත්ය. තවද මෙම සැකකරුවන් මෙම ස්‌ථානයේ නීති විරෝධී පතල් කැපීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසා ඔවුන්ට රුපියල් 200/} බැගින් දඩ නියම කර ඇති බවය.

කෙසේ වෙතත් රත්නපුරේ ජනතාව මැණික්‌ පතල් කැපීමට ගල්තලාවක්‌ම තෝරා ගැනීම ප්‍රශ්න ප්‍රශ්නයක්‌ බව ද මහෙස්‌ත්‍රාත් පැවසුවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.