මුතුරාජවෙල බෝයාවේ නළයක්‌
පිපිරී ගොඩබාන තෙල් මුහුදට කාන්දු වේ

ශිරාන් රණසිංහ

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ගොඩබෑමට භාවිත කරන බෝයාවේ නළයක්‌ පිපිරී යැම නිසා මේ වන විට ගොඩබාන ඉන්ධන මුහුදට කාන්දු වෙමින් තිබෙන බව තෙල් සංස්‌ථා නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

මෙලෙස පුපුරා ඇති නළය ඉතාලියේ මනොලි වර්ගයේ නළයක්‌ වන අතර පසුගිය ජුලි 03 වැනිදා ද මෙම බෝයාවේ අදාළ නළය පිපිරී යැම නිසා විශාල පාඩුවක්‌ දැරීමට සංස්‌ථාවට සිදුවිය.

මේ වන විට පිපිරී ඇති නළය වෙනුවට භාවිත කර ඉවත් කර තිබෙන මනොලි වර්ගයේ නළයක්‌ සවිකිරීමට නිලධාරීහු පියවර ගනිමින් සිටිති.

පසුගිය සිකුරාදා (26 වැනිදා) මුතුරාජවෙල, බෝයාවේ නළය පුපුරා ඇති අතර මේ හේතුවෙන් පිරිපහදු තෙල් ගොඩබෑමට බාධක එල්ල වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.