ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

අකුණු සන්නායක පරීක්‍ෂා කිරීමට ව්‍යාජ භූ විද්‍යා සමීක්‍ෂණ නිලධාරීන් සමඟ අගලවත්ත උඩවෙල නිවසකට පැමිණි බව කියන උඩුවෙල අංක 828 කොටසේ ග්‍රාම නිලධාරිවරයා මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අකුණු සන්නායක පරීක්‍ෂා කළ පිරිස සතියකින් වාර්තාවක්‌ ලබා දෙන බව පවසා ගිය පසු වාර්තාව නොලැබුණු නිසා නිවෙස්‌ හිමියන් භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර එවැනි නිලධාරී පිරිසක්‌ එවා නැති බව ප්‍රකාශ කිරීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබේ.

අකුණු සන්නායකය වූ ස්‌ථානයේ බිම හාරා ඇති මොවුන් ඉන් යම් වටිනා ද්‍රව්‍යයක්‌ රැගෙන ගොස්‌ ඇති බවට සැක කෙරේ.

ව්‍යාජ භූ විද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.