සෙලාන් 'ටිකිරි පොළ' දරුවන් අතර ඉතිරිකිරීමේ
පුරුද්ද වැඩිදියුණු කරන්නට අපූරු ක්‍රමවේදයක්‌


පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී ජාත්‍යන්තර ළමා දිනය දා දියත් කරන ලද සෙලාන් ටිකිරි පොළ, අද වන විට දිවයින පුරා පෙර පාසල් හා ප්‍රාථමික පාසල් දරුදැරියන් 5000 කට අධික ප්‍රමාණයකගේ ආකල්ප, සිතුම් පැතුම් සුවිශේෂී වෙනසකට බඳුන් කරමින් ඔවුන්ගේ ජීවිතවලට නැවුම් වෙනසක්‌ ලබාදී තිබේ.

මෙය ඔවුන් හට ව්‍යවසායකත්වයේ සතුට පිළිsබඳ ඉගෙන ගැනීමට අවස්‌ථාවක්‌ ලබාදුන්නා සේම ඉතිරිකිරීමේ පුරුද්ද පිළිබඳ වැඩි අවබෝධයක්‌ ලබාදීමට අවස්‌ථාව ලැබීම මෙහි ඇති විශේෂ වැදගත්කම ලෙසින් හැඳින්විය හැකිය. මේ තුළින් තම සමවයස්‌ මිතුරු මිතුරියන් සමඟින් පාසල තුළදී මෙන්ම බාහිර සමාජයේදීද ඉහත කී සංකල්ප දෙක හරහා සිදුකෙරෙන කාර්යයන් වැඩිදියුණු කරලීමට අවස්‌ථාව ලැබී තිබේ. සාම්ප්‍රදායික ගමේ 'පොළ' අනුව යමින් හඳුන්වා දෙන සෙලාන් ටිකිරි පොළ නැවුම් සංකල්පයකි.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) ටිලාන් විජයසේකර මහතා මෙසේ කියා සිටියේය. ''අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දරුදැරියන් හට ඉතිරිකිරීමේ පුරුද්ද සමඟ සවිමත් අඩිතාලමක්‌ ලබාදීමයි. අපේ අදහස වන්නේ දරුවන්ගේ ඉතිරිකිරීමේ පුරුද්ද ඔවුන්ගේ කුඩා කාලයේ පටන්ම හුරු කළ යුතුය යන්නයි. එය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මූල්‍යමය අතින් සාර්ථක කර ගැනීමට ඉමහත් පිටිවහලක්‌ වෙනවා. එසේම මෙම මුලපිරීම තුළින් ඔවුන් හට ව්‍යවසායකත්වය පිළිබඳව ද මූලික දැනුමක්‌ ලබා ගැනීමේ ප්‍රායෝගික අවස්‌ථාවක්‌ හිමිවෙනවා. මේ සියල්ල ඉගෙන ගැනීමට සෙලාන් ටිකිරි පොළ අවස්‌ථාව ලබා දෙන්නේ 5000 කට අධික වූ මේ කුඩා දරු දැරියන්ට පමණක්‌ නොවෙයි. ඔවුqන්ගේ දෙමාපියන් සහ මිතුරන් ද මේ තුළින් යම් අධ්‍යාපනයක්‌ ලබනවා. සත්‍ය වශයෙන්ම අපගේ අරමුණත් එයයි''.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.