අනුරාධපුර සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අවබෝධතා වැඩසටහනක්‌

අනුරාධපුර සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අවබෝධතා වැඩසටහනක්‌ පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෑතකදී අනුරාධපුර ප්‍රාදේශීය වාණිජ මණ්‌ඩලය හා ඒකාබද්ධව අනුරාධපුර ප්‍රදේශය ආශ්‍රිතව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අවබෝධතා වැඩසටහනක්‌ පවත්වන ලදි. මෙම අවබෝධතා වැඩමුළුව පැවැත්වුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා සම්බන්ධ වී සිටින අනුරාධපුරයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ දරුවන් වෙනුවෙනි.

කුඩා හා මධ්‍යම පරිමාණ පාරිභෝගිකයින්ගේ දරුවන් 35 දෙනෙකු සහභාගී වූ මෙම අවස්‌ථාව අනුරාධපුර ප්‍රාදේශීය වාණිජ මණ්‌ඩලයට අයත් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. ව්‍යාපාරික කටයුතු ස`දහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය යොදා ගැනීම, සබැ`දුම් සේවාවන් (connectivity solutions) සහ වත්මන් වෙළ`දපොළට ගැලපෙන 'ක්‌ලවුඩ් කම්පියුටිං' යෙදුම් ආදිය පිළිබ`ද ඉදිරිපත් කිරීම් මෙම වැඩමුළුවට ඇතුළත් විය. එසේම, අන්තර්ජාල සේවා, නව තාක්‍ෂණික උපකරණ, 'ක්‌ලවුඩ් කම්පියුටිං' සේවා සහ සන්නිරීක්‍ෂණ කැමරා පද්ධති (surveillance camera systems) වැනි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ නිෂ්පාදන පිළිබ`ද සජීවී පැහැදිලි කිරීම්ද වැඩමුළුවට අන්තර්ගත විය. එමගින් එකී නිෂ්පාදන හා සේවාවන්ට අදාළව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය පිළිබ`ද පුළුල් දැනුමක්‌ හා අත්දැකීමක්‌ ලබා ගැනීමට සිසුන්ට ඉඩ සැලසුණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.