2014 ඔක්‌තෝබර් 04 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ට පහරදීම ගැන සොයන්න
- ජනාධිපති නියෝග කරයි

වෛද්‍ය ක්‍රිස්‌ නෝනිස්‌ මහතාට පහරදුන් බවට එල්ලවී ඇති චෝදනාව පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස්‌ දී ඇත. මේ අතර ක්‍රිස්‌ නෝනිස්‌ මහතාට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්‌ෂෙණුකා සෙනෙවිරත්න මහත්මියද පැමිණිල්ලක්‌ කර තිබිණි.


පොලිස්‌ පහර කෑ රත්නපුරේ කත කෝටි 5 ක්‌ වන්දි ඉල්ලයි

පොලිස්‌ නිල ධාරියකු ගෙන් අමානුෂික පහරකෑමට ලක්‌වූ බව කියන කාන්තාව තමාට සිදුවූ ඒ අනිසි හිරිහැරයට වන්දියක්‌ වශයෙන් රුපියල් කෝටි පහක මුදලක්‌ ඉල්ලා නීතිඥයකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ඊයේ ගොනු කළාය.


හඡ්ජි උත්සවය හෙට

මුස්‌ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හඡ්ජි උත්සවය හෙට (05 වැනිදා) ට යෙදී තිබේ.

ජයලලිතාගේ සමාගමකට අයත්
ගිණුමක ගණනය නොකළ කෝටි 14ක්‌

991 වසරේ ජූලි මාසයේ සිට 1996 වසරේ අප්‍රේල් දක්‌වා කාලයේ දී ගණනය නොකරන ලද ඉන්දීය රුපියල් කෝටි 14 ක මුදල් තැන්පත් කරන ලද බැංකු තැන්පතු 423 ක්‌ පැවැති බව...

කෝටි 24ක රන්
නාවික හමුදා දැලේ


නාවික හමුදාවේ රනධීර නෞකාව මැදගල් වෙරළට ආසන්නව ගමන් කළ සැකකටයුතු යාත්‍රාවක්‌ නිරීක්‍ෂණ කිරීමේදී එහි මාළු දැල් අතර සඟවා තිබූ රන් කිලෝ 45 ක්‌ සොයාගෙන තිබේ.

ශ්‍රී ලාංකික දරුවන් මුළු ලොවම අබිබවා දක්‌ෂතාවන් දැක්‌විය හැකි පිරිසක්‌
- උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

ලෝකයේ පැරණිතම ජාතියක්‌ වශයෙන් අද පුරාවිද්‍යාත්මකව අපි ලොවට ඔප්පු කර පෙන්වා අවසන්. ඒ නිසා ඒ ශක්‌තිමත් සහ බුද්ධිමත් ම ජාන පරම්පරාවෙන් පැවතෙන දරුවන් ලෙස ඔබට පුළුවන් ලෝකයේ සියලු රටවල් අබිබවා....

පෑලියගොඩ
මාළු මිල අඩුවේ

මාළු අස්‌වැන්න වැඩි වීමත්, මාළු වැඩි වශයෙන් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ලැබීමත් නිසා මෙසේ මිල ගණන් අඩු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මොරවක අකුණු පහරින් සිවුදෙනකු මිය යැමේ සිද්ධිය
වැස්‌ස වළාහක දෙවිඳුනි අහපන්නේ අකුණු ගසා ඇයි අපහට දුක්‌ දෙන්නේ

අපි එහි යන විට පුංචි දරුවන් 4 දෙනෙකු වැලිබත් උයමින් සිටිනු දුටුවෙමු.  එම නොදරුවන් දැනගෙන හිටියෙ නැහැ රෑබත උයන්න අම්මාත් තාත්තාත් යළිත් නොඑන විත්තිය.


දිවයින  සැනෙකින් පුවත්

ඇතැමුන් දුර්මත පැතිරුවත්
ශ්‍රී ලංකාවේ ආගමික සංහි`දියාව තිබෙනවා - පාප් වහන්සේ බැහැදකිමින් ජනපති කියයි


මහින්ද රාජපක්‍ෂ මහතා ලබන වසරේ ජනවාරි මාසයට සැලසුම් කර ඇති පාප් වහන්සේගේ චාරිකාව සඳහා නිල ඇරයුම උන්වහන්සේ වෙත පිළිගැන්වීය.

රේල් පාර ආක්‍රමණය කළ 'මහවිරු' පවුල් ඉවත් කෙරෙති

යාපනය සහ කන්කසන්තුරේ දුම්රිය මාර්ගය අනවසරයෙන් අත්පත් කරගෙන සිටි පවුල් 285 ක්‌ රජය මගින් ඉවත්කර ඇත.

දූෂිත පාලනයෙන් රට බේරා ගැනීමට ශක්‌තිමත් නායක යකු බිහිවී ඇද්දැයි සැක සහිතයි
- සරත් ෆොන්සේකා

වංචනික ක්‍රියා මාර්ග ගන්නා තමන්ගේ පවුල රැකගන්න උත්සාහ කරන මෙවැනි පාලකයන් ගෙදර යෑවීමට මේ රටේ රටවැසියන් වගබලා ගත යුතුයි.

ජයලලිතාට නීතිය ක්‍රියාත්මක කර
ඉන්දියාව නීතිය රකින රටක්‌ බව පෙන්නුවත් ශ්‍රී ලංකාවේ එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ
- එ.ජා.පපාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල

තාන්‍ය ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌වරයාට ආණ්‌ඩු පක්‍ෂයේ පාර්ලි මේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහරදී තිබෙනවා. එම පහරදීම සිදුවන අවස්‌ථාවේදී ජනාධිපති වරයාත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසකුත් එතන සිටියා.

යුද හමුදාවේ සියලුම ධජවලට සෙත් පැතීමේ උත්සවය


ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාවේ සියලුම ධජවලට සෙත් පැතීමේ උත්සවයක්‌ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පෙරේදා (02 වැනිදා) සිදු කෙරුණි.

මිතුරාගේ ජංගම දුරකථනය සොයා
කිමිදුණු තරුණයා දියේ ගිලී මියයයි

මෙසේ මියගොස්‌ ඇත්තේ නිල්වැල්ල වම්බොටුවත්තේ පදිංචි පරනමානගේ ලහිරු ප්‍රභාත් හෙවත් සුරංග නමැති 25 හැවිරිදි එක්‌දරු පියෙකි.

  • වසර දුසිමක්‌ විළිලා රන් පසක්‌කමක්‌ වදයි

    ආසියානු ක්‍රීඩා තරග ඉතිහාසයේ රන් පදක්‌කම් ඉඩෝරයකට මුහුණ පා සිටි ශ්‍රී ලංකාවට අකල් වැස්‌සක්‌ බඳු වූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ එම පිපාසය සංසිදුවාලමින් ශ්‍රී ලංකාව යළිත් රනින් සැරසීමට ඊයේ (03 දා) සමත්වූහ. ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වශයෙන් සටහන් වූ ඊයේ දිනයේදී ඇµaගනිස්‌තාන පිලට එරෙහිව ලකුණු 68 ක ජයක්‌ වාර්තා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම වසර 12 ක්‌ තිස්‌සේ දිනා ගැනීමට නොහැකිව තිබූ එම රන් පදක්‌කම ශ්‍රී ලංකා මාතාවට හිමිකර දුන්නේය.
     


Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.