ව්‍යාපාරිකයාගේ මළසිරුර
කසළ ගොඩක්‌ අසලින් හමුවෙයි

සිරිල් විමලසුරේන්ද්‍ර

දින කීපයක්‌ පැරණි පිරිමි මළසිරුරක්‌ පන්විල රාක්‍ෂාව තේ වත්තේ කසළ ගොඩක්‌ අසල තිබී පන්විල පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

මුරුතලාව ප්‍රදේශයේ දෙහිඅංග ගමේ විසූ ඉඩම් හිsමි වැවිලිකරුවකුගේ මළ සිරුරක්‌ බවට පන්විල පොලිසිය මගින් සිදුකළ පරීක්‌ෂණයකදී ඊයේ (05 දා) අනාවරණය වී තිබේ.

මළසිරුර එම්. එල්. එම්. අබ්දුල් කාදර් නමැති 70 හැවිරිදි පමණ වූ ඉඩම් හිමියාගේ බවත් ඔහුගේ මළ සිරුර ඔහු පදිංචි ප්‍රදේශයේ සිට සැතැපුම් ගණනක්‌ දුර ස්‌ථානයකදී හමුවීම අබිරහසක්‌ බවට විශ්වාස කරනු ලැබේ.

මළ සිරුර පිළිබඳ පරීක්‌ෂණයක්‌ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවත්වා ඇත.

පන්විල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. සමන් අංගම්මන මහතා වැඩිදුර පරීක්‌ෂණ මෙහෙයවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.