මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලා මුරුත්තෙට්‌ටුවේ හිමි නඩු මගට
වෛද්‍ය නිලධාරි සංගමයේ මාධ්‍ය ප්‍රකාශකගෙන්

ඒමන්ති මාරඹේ

ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් තමන් වහන්සේ හට ප්‍රසිද්ධියේ අපහාස කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසාගෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක්‌ ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවැරීමට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ තීරණය කර ඇත.

අදාළ නඩුව පවරන ලෙසට මුරුත්තෙට්‌ටුවේ හිමියන් විසින් සිය නීතිඥ සමාගම වෙත උපදෙස්‌ දී තිබේ.

සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් හේතුවෙන් සති දෙකක්‌ ඇතුළතදී රුපියල් මිලියන 500 ක වන්දි මුදලක්‌ තමන් වහන්සේ හට ගෙවන ලෙසට වෛද්‍ය සොයිසා හට නීතිඥ සමාගමක්‌ හරහා යවන ලද එන්තරවාසියට නිසි ප්‍රතිචාරයක්‌ නොලැබීම හේතුවෙන් මෙම අපහාස නඩුව පවරනු ලබන බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ කියා සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.