ජීවිත ගොඩනඟාගන්න අවශ්‍ය සහාය දෙන්න
කතෝලික රදගුරු මණ්‌ඩලය රජයෙන් ඉල්ලයි

මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නායයැමෙන් විපතට පත්වූවන්ට සිය ජීවිත යළි ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්‌ඩලය ප්‍රකාශ කරයි.

එම මණ්‌ඩලයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන්ගේ සහ ලේකම් වැලන්ස්‌ මෙන්ඩිස්‌ රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම මණ්‌ඩලය එහි මෙසේද සඳහන් කර ඇත.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හල්දුම්මුල්ල, මීරියබැද්දවත්ත ප්‍රදේශයේ සිදුවූ නාය යැමකින් 150 ක පමණ පිරිසක්‌ අතුරුදන්වී, නිවාස විශාල සංඛ්‍යාවක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ පුවත අසා අපි අතිශය ශෝකයටත්, කම්පනයටත් පත්ව සිටිමු. විපතට පත් සියල්ලන්ගේ ඥතීන් වෙත අපගේ ශෝකය පළ කරන අතර මේ වේදනාත්මක මොහොතේ ඔවුන්ගේ ශෝකය අපිදු බෙදා ගනිමු. ඒ අතරම ඔවුන්ට සැනසීම ලබා දෙන්නැයි සියලු සැනසීමේ දෙවි සමි¹ණන් වහන්සේට අපි යාච්Æ කරමු.

මේ මොහොතේ එම ජනතාවට සැනසීම පතා යාච්Æ කරන ලෙස අප කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, විපතට පත්වූවන්ට සහන සැලසීමට ද නැවත තම ජීවිත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබා දීමට ද පියවර ගන්නා ලෙස අපි රජයෙන් ද සියලු දෙනාගෙන් ද ඉල්ලා සිටිමු. එසේම එම කටයුතුවලදී තම තමන්ට හැකි උපරිම අයුරින් එයට දායක වන ලෙස අපි ජනතාවගෙන් උදක්‌ම ඉල්ලා සිටිමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.