මූලධර්මවාදී ආගම් ප්‍රචාරය කළ තරුණියෝ සිව්දෙනෙක්‌ පොලිස්‌ භාරයට

ක¹න විශේෂ - රුක්‌මන් පින්තු

මූලධර්මවාදී ආගම් ප්‍රචාරය කළ තරුණියන් සිව්දෙනකු පොලිසියට භාරදීමට රාගම බටුවත්ත ප්‍රදේශවාසීහු ඊයේ (31 දා) උදෑසන කටයුතු කළහ. රාගම බටුවත්ත බෞද්ධ ජනතාවක්‌ වාසය කරන ප්‍රදේශයකට පැමිණ දේව රාජ්‍ය පිළිබඳව බයිබල් දේශන පැවැත්වීම, පත්‍රිකා බෙදාහැරීමට මෙම පිරිස කටයුතු කර තිබිණි. පිරිමි දෙදෙනකු ද මෙම තරුණියන් සමඟ පැමිණ තිබූ අතර ගම්වාසී ජනතාව ඔවුන් වටකිරීමත් සමඟ ඔවුන් දෙදෙනා තරුණියන් මඟහැර පලාගොස්‌ තිබිණි.

නාරංගොඩපාළුව ශ්‍රී ඝනාරාම විහාරයේ විහාරාධිපති සුමනරතන ස්‌වාමීන්වහන්සේ එම ස්‌ථානයට වැඩම කර ආගම් ප්‍රචාරයට එම ප්‍රදේශවලට නොඑන ලෙස එම තරුණියන්ට අවවාද කිරීමෙන් පසු රාගම පොලිස්‌ ජීප් රථයක්‌ පැමිණ තරුණියන් සිව්දෙනා රැගෙන යන ලදී. මේ සම්බන්ධව රාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අර්ජුන කොඩිකාර මහතා ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.