කොස්‌ලන්දේ නම විකුණා ද්‍රවිඩ සන්ධානය
යුරෝපා රටවලින් අරමුදල් රැස්‌ කරති

කීර්ති වර්ණකුලසූරිය

කොස්‌ලන්දේ නාය යැම්වලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා යෑයි දන්වමින් ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් යුරෝපා රටවලින් විශාල ලෙස අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුට අරමුදල් එවා ඇතැයි තවදුරටත් හෙළිවී තිබේ.

කොස්‌ලන්දේ නායයැම සම්බන්ධව උතුරු පළාත් සභාවද මැදිහත්වී අනාථ වූ දරුවන් සම්බන්ධව ක්‍රියා කිරීමට කළ ඉල්ලීම රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

කොස්‌ලන්ද නාය යැම ද්‍රවිඩ සන්ධානයට වාසියක්‌ වෙලා. මඩකලපුවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු බණ්‌ඩාරවෙලට ඇවිත් අනාථ වූවන්ට බෙදීමට යෑයි කියමින් බඩු මිලට ගෙන තිබෙනවා යෑයි ආරංචි මාර්ග පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.