දොරේ අප්පා ඝාතනය හා
ඊළාම් ත්‍රස්‌තවාදයේ  සම්භවය


1972 නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එදිරිව තම ඡන්දය පාවිචිච් කරන මෙන් සියලුම දමිළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේ දෙමළ එක්‌සත් පෙරමුණ නම් වූ සංවිධානය විසිනි. මෙම සංවිධානය පිහිටුවා ගන්නා ලද්දේ 1972 ජනවාරි මස ත්‍රිකුණාමල නගර සභා ශාලාවේදී පැවැති සාකච්ඡාවකින් පසුවය. මේ සඳහා සහභාගි වූයේ සමස්‌ත ලංකා දෙමළ සංගමයත් (ටැමිල් කොන්ග්‍රසය) ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයත්, (ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ෙµඩරල් පක්‍ෂයත්) ලංකා කම්කරු කොන්ග්‍රසය හා එක්‌සත් ජාතික පක්‍ෂයේ කල්කුඩා මන්ත්‍රී කේ. ඩබ්. දේවනායගම් ය. (මොවුන් විසින් පිහිටුවාගත් දෙමළ එක්‌සත් පෙරමුණේ නම 1973 දී "දමිල එක්‌සත් විමුක්‌ති පෙරමුණ) ලෙස වෙනස්‌ කර ගන්නා ලදී.)

මොවුන්ගේ ඉල්ලීම නොතකා 1972 ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට පක්‍ෂව දමිළ මන්ත්‍රීවරු සයදෙනෙක්‌ ඡන්දය පාවිච්චි කළහ. ඒ පත් කළ ශ්‍රී ලංකා නිදහස්‌ මන්ත්‍රී මෙන්ම තැපැල් හා විදුලි සංදේශ ඇමැති චෙල්ලයියා කුමාරසූරියර්, වඩුක්‌කොඩෙයි ද්‍රවිඩ සංගම් මන්ත්‍රී ඒ ත්‍යාගරාජා, නල්ලූර් ද්‍රවිඩ සංගම් මන්ත්‍රී සී. අරුලම්පලම්, යාපනය ෙµඩරල් පක්‍ෂ සන්ත්‍රී සී. එක්‌ස්‌ මාටින් මඩකලපුව දෙවන ස්‌වාධීන මන්ත්‍රී පී. රාජන් සෙල්වනායගම් හා පත් කළ මන්ත්‍රී සී. සුබ්‍රමනියම් ය.

1972 මැයි 22 දින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කිරීමෙන් දින දෙකකට පසු එනම් මැයි 24 වැනිදා යාපනයේ දෙමළ එක්‌සත් පෙරමුණෙන් මහජන රැළියක්‌ පවත්වන ලදී. ඒ වන විටත් යාපන නගරයේ කළු කොඩි ඔසවා විශාල විරෝධතා ව්‍යාපාරයක්‌ අරඹා තිබිණි. ඉහත කී රැළියේ මුලසුන හොබවන ලද්දේ එස්‌. ඡේ. පී. චෙල්වනායගම් ය. (ලංකා දමිළ රාජ්‍ය පක්‍ෂයේ නායකයා) ඒ අමිර්තලිංගම් ද ඊට සහභාගි විය.

එම පෙරමුණේ තරුණ සංවිධානය නියෝජනය කළ නායකයකු වූ කාසිආනන්දන් තම කථාවේදී 1972 ව්‍යවස්‌ථාවට පක්‍ෂවය ඡන්දය දුන් දමිළ මන්ත්‍රීන් සයදෙනා ස්‌වභාවික රෝගයකින් හෝ අනතුරකින් මිය යැමට ඉඩ නොදිය යුතු යෑයි කියා සිටි බව දෙමළ එක්‌සත් පෙරමුණ්‌ සතිපතා නිල පුවත්පත වන zසුතන්තිරන්Z හි 1972 මැයි 28 වැනිදා පළවිය.

මෙම තර්ජනය හුදු වචනයකට සීමා වූවක්‌ නොවූ බව 1972 මැයි 22 දිනට පසු සිදුවීම් මගින් පැහැදිලි වෙයි.

මැයි 29 වැනිදා නල්ලූර් මන්ත්‍රී සී. අරුපම්පලම්ගේ දෙහිවල නිවසේදී ඔහු ඝාතනය කිරීමට වෑයමක්‌ දරා තිබිණි. එහෙත් එම වෑයම සාර්ථක වූයේ නැත. ජුනි 07 වැනිදා වඩුක්‌කොඩෙයි මන්ත්‍රී ඒ ත්‍යාගරාජාට, ඔහුගේ බම්බලපිටියේ නිවසේදී සඟරා වාර්තාකරුවකු ලෙස ව්‍යාජ ලෙස හඟවමින් එහි ගිය අපරාධකරුවා, වෙඩි තැබුවද, තුවාල පමණක්‌ ලබා ඔහු මරණින් බේරා ගත්තේය. ඊට පසුදින මඩකලපුව දෙවන මන්ත්‍රී රාජන් සෙල්වනායගම් මරා දැමීමේ වෑයමක්‌ දැරින. සැප්තැම්බර් 11 වැනි දින පත් කළ මන්ත්‍රී සී සුබ්‍රමනියම් ගමන් කළ මෝටර් රථයට බෝම්බ ගැසීය. 1973 ජනවාරි 15 වැනිදා තැපැල් හා විදුලි සංදේශ ඇමැති සී. කුමාරසූරියර් ගමන් කිරීමට නියමිතව තිබුණේ මන්කුම්බන් බෝක්‌කුව උඩිනි. අපරාධකරුවන්ගේ වෑයම වී තිබුණේ බෝම්බ සවිකොට බෝක්‌කුව පුපුරවා හැර ඇමැතිවරයා ඝාතනය කිරීමටය. එහෙත් කුමන්ත්‍රණකරුවන් බෝම්බ සමඟම පොලිසියට හසුවීම නිසා එම වෑයම ද ව්‍යර්ථව ගියේය.

ඉහත සඳහන් වන්නේ 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පක්‍ෂව ඡන්දය දුන් දමිළ මන්ත්‍රීන් මරා දැමීමට කරන ලද වෑයම් වලින් කිහිපයකි. ඊට පසු මෙන්ම ඊට පෙරදී ද පුද්ගලයන් ඝාතනය කිරීමට ගන්නා ලද වෑයම් එමටය.

1970 ජූලි 13 දින කැස්‌බෑව මන්ත්‍රී සෝමවීර චJද්‍රසිරි ගේ රථයේ බෝම්බයක්‌ තැබීම ආරම්භයයි. 1971 පෙබරවාරි 12 වැනි දින තැපැල් හා විදුලි සංදේශ ඇමැති සී. කුමාරසූරියර් කොන්ඩලාඩෙයිහි වයරවාර කෝවිලට පැමිණි අවස්‌ථාවේදී ඔහු මරා දැමීම පිණිස බෝම්බ ගැසීමේ කුමන්ත්‍රණයක්‌ තිබිණි. 72 මැයි 20 වැනිදින වැල්ලවත්තේදී ඔහුගේ දරුවන් පැහැර ගෙන යැමට වෑයම් කර ඇත. 1971 මාර්තු 11 දින යාපන ශ්‍රීලනිප නායකයා හා පුරපති වන ඇල්ප්‍රඩ් දොරේඅප්පාගේ මෝටර් රථය යාපනය දෙවැනි හරස්‌ වීදියේ නවතා තිබියදී එය පුපුරවා හැරින. ඔහු කාරයට නැගීමට පැමිණෙන අවස්‌ථාවේදී බෝම්බය පිපිර ගියෙන් ඔහුගේ ජීවිතය බේරුනි. කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී තිබුණේ රථයේ දොර ඇරෙන විට ඇට වූ බෝම්බය පුපුරා යැමට සැලසීමයි. එහෙත් එය වැරදුනි. සැකපිට අත්අඩංගුවට ගන්නේ ලාබාල තරුණයෙකි. නම ශිවකුමාරන් ය. පසුව අත්අඩංගුවෙන් නිදහස්‌ කළ පසුව කෝපයි ග්‍රාමීය බැංකුව කොල්ලකෑමේ චෝදනාවට නැවත අත්අඩංගුවට පත්විය. එවිට ඔහු සයනයිඩ් කා මළේය.

එවිට සිදුÊවූයේ කුමක්‌ද? සිවකුමරන්ගේ අවසාන කටයුතු සිදු කිරීමට දමිළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ භාර ගැනීමයි. ජාතික නායකයකුට මෙන් ගෞරව දැක්‌වීමට ඔවුහු මෙය අවස්‌ථාවක්‌ කර ගත්හ. උරුම්පිරායිහි හා අවට ඇති සියලුම කඩ සාප්පු හා පාසල් කලු කොඩි වලින් සැරසූහ. දේහය උරුම්පිරායිහි නගර සභා ශාලාවක තැන්පත් කෙරිණ. අමිර්තලිංගම් යුවළ හා දමිළ එක්‌සත් පෙරමුණු නායකයන් අවසන් ගෞරව දැක්‌වීමේ කතා පැවැත්වූහ. ඔවුන් කිSවේ දමිළ විමුක්‌තිය වෙනුවෙන් ඔහු දිවි පුදා ඇති බවයි.

1972 දෙසැම්ර් 19 වැනි දින ඇල්ප්‍රඩ් දොරේඅප්පාගේ නිවසට ද බෝම්බ ප්‍රහාර එල්ල විය.

1975 ජුලි 27 වැනිදා යාපන නගරාධිපති ඇල්ප්‍රඩ් දොරේඅප්පා පුන්නාලි විෂ්ණු කෝවිලේ පූජාවකට සහභාගිවී තම රථය වෙත පැමිණෙමින් සිටින විට තිදෙනෙක්‌ ඔවුහුq වෙත කඩාපැන වෙඩි තැබූහ. ඉන්පසු ඔවුන් පැන ගියේ ඇල්ප්‍රඩ් දොරේඅප්පාගේ ම රථයෙනි. මෙය කරන ලද්දේ ප්‍රභාකරන්, උමා මහේෂ්වරන් හා කාන්දීපන් නමැත්තන් බව පසු කාලයකදී හෙලිවිය. (කාන්දීපන් යනු අමිර්තලිංගම්ගේ පුතෙකි) එවකට තරුණයකු වූ ප්‍රභාකරන් සිද්ධියෙන් පසු කිසිවකුට අල්වාගත නොහැකි විය. ඔහුගේ zපළමු ක්‍රියාවZ මෙය ලෙස ද සැලකේ. ප්‍රධාන සැකකරු වූ මෙම තරුණයා ලිපිකරුවකු වූ වේලිපිල්ලේගේ පුතෙකි. ඔහු මධ්‍යස්‌ථ අදහස්‌ ඇති, නිර්මාංශික අහිංසක පුද්ගලයෙකි.

ඇල්ප්‍රඩ් දොරේඅප්පා වනාහි, එවකට අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජයට මහත් වූ සහයෝගයක්‌ දැක්‌වූ යාපනය, ශ්‍රීලනිප සංවිධායකයා මෙන්ම යාපන නගරාධිපතිවරයාද විය. අන්තවාදී අදහස්‌වලින් හෙබි දමිළ මන්ත්‍රීවරු සිංහල අධිපතිවාදයක්‌ ගැන දෙසමින් රජයට එදිරිව දැඩි ලෙස කටයුතු කළ පිරිසක්‌ වූහ. එහෙත් ඇල්ප්‍රඩ් දොරේඅප්පා එම ප්‍රවාහයට එදිරිව උඩුගම් බලා පීනුවෙකි. ඔහු නගරවාසී ජනතාවගේ ආදරය දිනා ගත්තෙක්‌ විය. ඔහු ජනතාව දිනාගත්තේ මුහුණට මුහුණලා කෙරුණ වාග් සංග්‍රාමයන්ගෙන් නොව සුහද සාකච්ඡා හා ගැටුම් නිරාකරණයෙනි. තවද ඔහු අගමැතිනිය හා ඇයගේ දේශපාලන ආදේශකයා වූ µsලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක කිට්‌ටුවෙන් ම ඇසුරු කළ ඔවුන්ගේ හිතෛශීවන්තයෙකි. ඔහුට ස්‌තුතිවන්ට දිස්‌ත්‍රික්‌කය සතුරු දේශපාලන මහා මුහුදක්‌ව පවතිද්දී, යාපන පුරවරය එහි වූ ක්‍ෂේම භූමියක්‌ වූ දූපතක්‌ විය. එපමණක්‌ නොව ඔහු සිංහල, දමිළ ජනතාවගේ එකමුතුව සඳහා ක්‍රියා කළ බලවතෙක්‌ ද විය. බෙදුම්වාදී දාමරිකයන් කීප වරක්‌ම උත්සාහ දැරීමෙන් පසු අවසානයේදී ඔහු මරා දැමීය.

ඇල්ප්‍රඩ් දොරේඅප්පාගේ අවසාන කටයුතු කරන දා රැස්‌වී ජනකාය තෙරපෙමින් රැස්‌වූයේ මහත් සේ විලාප නඟමිනි. ඔහු විසින් ම තනවා නිම කරන ලද ස්‌ටේඩියමේ එම කාර්යය ඉටු කෙරිනි. මේ සඳහා අගමැතිනිය, කැබිනට්‌ ඇමැතිවරු, නගරාධිපතීන් හා වෙනත් ප්‍රභූ පුද්ගලයන් රැසක්‌ ඒ සඳහා සහභාගි වූහ.

එම ඝාතනයෙන් පසු ද පොලිසියට ආරංචි සපයන්නට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූ සාමාන්‍ය ජනයා මෙන්ම අපරාධ පරීක්‍ෂණයන්ට සහභාගි වූ පොලිස්‌ නිලධාරින් ද මරා දැමීම් හා මැරීමට තැත්කිරීම් බෙදුම්වාදීහු දිගටම කරගෙන ගියහ. ඉන් සමහරක්‌ පමණක්‌ පහත දැක්‌වේ.

1976.07.03 දින උරුම්පිරායි පෙට්‌රල් වෙළෙඳහලේ නාගලිංගම් නඩරාජාට අත් බෝම්බයක්‌ ගසා මාරා දැමූවේ පොලිසියට ආරංචි සැපයු නිසා ය.

1978.04.07 දින එවැන්නකු වූ ඒ ක්‍රිෂ්ණ ගෝපාල් මරා දැම්මේ වෙඩි තැබීමෙනි.

1978.11.14 දින ඇව්රෝ යානය පිපිරවිම සම්බන්ධව සැකකරුවකු අල්වා ගැනීමට පොලිසියට උපකාර කළ ටී. පුබාලසිංහම් (බයිසිකල් බාලා) මරා දමන ලදී.

1978.12.13 දින නල්ලූර් මහජන බැංකු ශාඛාවේ ලක්‍ෂ 18 ක හොරකමින් පසු මඟවා තැබූ මුදල් පිළිබඳ ආරංචිය සැපයූ ආරියසාමි සිවරා- වෙඩිතබා මරා දැමුනේ හමුදාව එතැනට පැමිණීමටත් කලිනි.

1979.06.30 දින ත්‍රස්‌තවාදීන්ට එදිරිව පොලිසියට සාක්‍ෂි දුන් ලංගම රියෑදුරු සුබ්‍රමනියම් ස්‌වර්ණරාජාට හා ඔහුගේ බිරිය වන චJද්‍රdදේවිට වෙඩිතබා මරා දැමූහ. මරාදමන ලද පොලිස්‌ නිලධාරීන් සමහරකගේ විස්‌තර මෙසේය.

දුරේඅප්පා මිනීමැරුම හා පුලෝලිහි විවිධ සේවා සමුපකාර සංගමයේ හා පුත්තූර් බැංකුවේ හොරකම් ද පිළිබඳ කරුණු සෙවීමේ නියුතුව සිටි කන්කසන්තුරේ පොලිසියේ කොස්‌තාපල් (3164) කරුණානිධි මාවිඩ්ඩජරම්හි අරසදි මාවතේදී වෙඩිතබා මරා දැමුනි. ඒ. 1977.05.08 දිනදීය.

කරුණානිධි මරා දැමීම පිළිබඳව කරුණු සොයමින් සිටි පොලිසි නිලධාරීන් දෙදෙනකුට (753 හා 6105) සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටියදී 1977.05.18 දින බයිසිකල් වලින් පැමිණි තරුණන් තිදෙනෙක්‌ විසින් ඉරුවිල්හිදී වෙඩිතබා පැන ගියහ.

1977.12.23 දින කොස්‌තාපල් (10088) කරුණාරත්නට පොලු වලින් මැරෙන තෙක්‌ පහර දී සිරුර පේදුරුතුඩුව අසල මුහුදට විසි කර දැමින.

දමිළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ කටයුතු පිළිබඳව පරීක්‍ෂාකාරී වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂක බස්‌තියන්පිල්ලේ, උප පරීක්‍ෂක පෙරම්පලම්, සාජන්ට්‌ බාලසිංහම් හා පොලිස්‌ රියෑදුරු සිරිවර්ධන යන සිවුදෙනා මුරුතන්හිදී වෙඩිතබා මරා දැමින. ඒ 1978.04.07 වැනි දිනදී ය.

යාපනය දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ අපරාධ අංශය භාර පොලිස්‌ පරීක්‍ෂක පත්මනාදන් මහතා යාපනයේදී ඔහුගේ රියෙන් බැස තම නිවසට පා තබද්දී 1978.05.06 වැනි දින වෙඩි තබා මැරීය.

1978.09.07 වැනි දින රත්මලානේදී ඇව්රෝ ගුවන් යානය පිපිරීම සම්බන්ධ සැකකරු අල්ලා ගත් ඥානසම්බන්දන්, යාපන කොකුවිල්හි පන්සල පාරේ ඔහුගේ නිවස අසලදී මරා දැමමේ, 1979.02.01 දිනදී ය. මොහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි. (8708)

සන්සෝනි කොමිසම ඉදිරියේ දමිළ බෙදුම්වාදයට එදිරිව සාක්‌කි දුන් යාපන පොලිස්‌ අධිකාරියේ සහාය නිලධාරි පොලිස්‌ පරීක්‍ෂක ගුරුසාමි 1979.07.01 වැනි දින යාපනයෙන් සැතපුම් තුනක්‌ පමණ දුරින් පිහිටි ඔට්‌ටුමාඩන්හි තම නිවසේ සිටියදී ත්‍රස්‌තවාදීහු තිදෙනෙක්‌ පැමිණ ඔහුගේ ඔලුවට වෙඩි තබා මරා බයිසිකල්වල නැගී පලා ගියහ.

1979 මාර්තු 16 වැනි දින ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත, ඒ අමිර්තලිංගම් මහතාගේ ප්‍රකාශයක්‌ පළ කළේය. එය මදුරාසියේ (දැන් චෙන්නායි) පත්‍ර වාර්තාකරුවන්ගේ සංගමය අමතා කරන ලද ප්‍රකාශයක්‌ විය. එහි සඳහන් වූයේ මෙයයි.

"විමුක්‌ති කොටියා ඇත්ත වශයෙන්ම හුදෙක්‌ පීඩා කිරීම සඳහා ලුහුබඳවා යන යක්‍ෂ මිථ්‍යා මකරෙකි."

ත්‍රස්‌තවාදීන් ආවරණය කිරීමට අමිර්තලිංගම්ට ඇති වුවමනාව කවරේද? ඒ සඳහා පිළිතුර උමා මහේෂ්වරන්ගෙන් ලැබේ. ඔහු කියා සිටියේ මුලදී ඔවුන්ගේ ත්‍රස්‌තවාදී සංවිධානය දමිළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශය ලෙස පවත්වාගෙන යැමටත් දමිළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ දේශපාලන අංශය ලෙස පවත්වාගෙන යැමටත් එකඟතාවක්‌ තිබූ බවයි. එහෙත් පසුව ත්‍රස්‌තවාදී සංවිධානය ස්‌වාධීනව කටයුතු කරන්නට පටන් ගත්තේය.

1989 ජූලි 13 වැනිදා ඒ අමිර්තලිංගම් ඝාතනය කිරීමට ද විමුක්‌ති කොටි පසුබට වූයේ නැත. මුල් කාලයේදී කොටි සංවිධානය ආවරණය කොට තැබීමට අමිර්තලිංගම් පෙළඹුණේ ඇයිද යන්නටත් පසුව කොටින් අතින් ම ඔහුගේ මරණය සිදු කිරීමටත් හේතු වූයේ මන්ද යන්න වාර්තාත්මක සත්‍ය සිදුවීම් තුළින් කෙනෙකුට නිගමනයකට බැස ගැනීමට අපහසුවක්‌ නැත.

කලින් සඳහන්ව ඇති උමා මහේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ කොටි සංවිධානය ආවරණය කොට තැබිය යුත්තේ මන්ද යන්නට පිළිතුරක්‌ ලැබී ඇති බවය.

පසුව වඩුක්‌කොඩෙයිහිදී දමිළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සිය අරමුණ ලෙස ස්‌වෛරී නිදහස්‌, සමාජවාදී ඊළාම් රාජයයක්‌ යෝජනා කළ විට මුරුගේස්‌ තිරුචෙල්වම් මහතා, අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ගෙන් ස්‌වාධීන, සමාජවාදී දමිළ ඊළාම් රාජ්‍යය ගැන විමසූ විට, අමිර්තලිංගම් මහතා සිනාසී කියා ඇත්තේ කොල්ලන් රැවටීමට එසේ කළ බවය. තිරුචෙල්වම් මහතාද සිනාසී එකඟතාව පළකර ඇත" (1999.08.04 zදිවයිනZ පුවත්පතේ පළ වූ එස්‌ සපුතන්ත්‍රි මහතාගේ ලිපියෙනි)

තමිල් ඊළාම් විමුක්‌ති කොටි සංවිධානය ප්‍රභාකරන් අතට පත්වීමෙන් පසු සතුරන් මෙන්ම මිතුරන් ද අමු අමුවේ ඝාතනය කෙරිණ. ශ්‍රී සබාරත්නම් , උමා මහේෂ්වරන්, කේ. පත්මනාභ  හා මහත්තයා (ප්‍රභාකරන්ගේ දෙවැනියා) ද ඒ අතර වූහ. මේ සියලුම නායකයන් ඊළාම් සටනේ පුරෝගාමීහුය "කොල්ලන් රැවටීමටZZ ඊළාම් සමාජවාදී දේශය ඇමට යොදාගත් ඒ අමිර්තලිංගම් ඝාතනය කිරීම අරුමයක්‌ නොවේ. එහෙත් ඩග්ලස්‌ දේවානන්ද ඝාතනය කිරීමට ප්‍රභාකරන්ට හැකි වුයේ නැත. (පොත පත ඇසුරෙනි)


එම පෙරමුණේ තරුණ සංවිධානය නියෝජනය කළ නායකයකු වූ කාසිආනන්දන් තම කථාවේදී 1972 ව්‍යවස්‌ථාවට පක්‍ෂවය ඡන්දය දුන් දමිළ මන්ත්‍රීන් සයදෙනා ස්‌වභාවික රෝගයකින් හෝ අනතුරකින් මිය යැමට ඉඩ නොදිය යුතු යෑයි කියා සිටි බව දෙමළ එක්‌සත් පෙරමුණ්‌ සතිපතා නිල පුවත්පත වන zසුතන්තිරන්Z හි 1972 මැයි 28 වැනිදා පළවිය.

ආරියපාල මුදලිගෙ

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.