තැපැල් මගින් ගබ්සා කිරීම

කිසිදු අවුලක්‌ නැතá මෙය පුංචි පහේ දේශපාලන සෙල්ලමකි. ජනපතිවරණ දවස ගැන ජනාධිපති නො කියයි. ඒ නිසා පොදු අපේක්‍ෂක කවුදැයි විපක්‍ෂය නො කියයි. ඒ අතර ඇඟට දැනෙන සටනක්‌ දැක බලා ගැනීමට නම් මහින්ද සහ රනිල් ජනපතිවරණයට තරග කළ යුතු ම වෙයි. කකුල් කැඩුණු, ලාඩම් ගැලවුණු, වෙළඹක්‌ දුටු සැනින් රේස්‌ එක පැත්තක තබා ඒ දෙසට දිවෙන ලාබ අශ්වයන්ගෙන් මේ මොහොතේදී රටට වැඩක්‌ නැත. ලාබෙට ගත් අශ්වයා නේරංජනා ගඟÊහරහා නො පනී. ඒකා අසරුවා සහ වලිගේ එල්ලුන අය යන දෙදෙනාත් සමඟම ගඟට වැටීමට පුළුවන. නේරංජනාව හරහා පැනීමට සුදුසු ම අශ්වයා කන්ථක ය. සිදුහත් වියෝවෙන් ලය පැලී මියගිය ද කන්ථක කළ සේවාව අමරණීය ය.

කිසිදු අවුලක්‌ නැතá අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේගේ පිවිතුරු හෙටක්‌ සංවිධානය සහ ජාතික හෙළ උරුමය අතර සම්බන්ධයක්‌ නැති බව චම්පික රණවක ඇමැතිතුමා කිවේ යෑයි සිකුරාදා (14 දා) දිවයිනේ මුල් පිටුවේ පළ විය. විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමේ මතය එය හඳුන්වා දුන් දවසේ පටන් තිබුණ ද හිටි ගමන් ඒ මාතෘකාව අරගෙන අතුරලියේ රතන අපේ හාමුදුරුවන් වහන්සේ ඉදිරිපත් කරන නර්තනය චුට්‌ටක්‌ විතර සැක කටයුතු ය. ඒ නිසා අනවශ්‍ය දේශපාලන අසූචි ගොඩක්‌ ස්‌වකීය සුදු පැහැති ඇඳුම්වල තවරා ගැනීමෙන් වැළකී සිටීමට හෙළ උරුමයේ ගිහි නායකයන් තීන්දු කර තිබෙන බව පැහැදිලි ය. මේ අතර දිගු කලක්‌ තිස්‌සේ ආණ්‌ඩුව නමැති කබල් ගෙදර තීන්ත බාස්‌ කෙනකු ලෙස කටයුතු කළා වූ ද, ජවිපෙ හිටපු ජනාධිපති අපේක්‍ෂකයකු වූ ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනකු වූ ද, පානදුර නගරාධිපති (ජනාධිපති අපේක්‍ෂක නගරාධිපති කෙනකු දක්‌වා පරිහානියට පත් වූ හැටි බලන්න·) නන්දන ගුණතිලක ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන මෙන් ඉල්ලා නටන්නට පටන් ගෙන තිබේ. මේ සියලු දෙනාම නටන්නේ යට ඇඳුම් නැතිව ය. එවිට උඩ ඇඳුම් උඩ ගොස්‌ හටගන්නා දර්ශනය අපුල ය.

කෙසේ වුවද, ඉහත සඳහන් ඡේද දෙක අපේ ප්‍රධාන නිමිත්ත නොවේ. අපේ නිමිත්ත තුර්කියෙන් ගෙනා ගබ්සා පෙති 50,000 ක්‌ ගැන ය. සිකුරාදා zදිවයිනේZ පළ වූ පුවතකට අනුව මේ පෙති 50,000 කිලෝ දෙකක පාර්සල් එකක්‌ හෝ දෙකක්‌ වශයෙන් ගෙන්වා ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා ය. මේ අනුව තව ටික කලකින් එම්බාම් කළ මළ මිනී පවා තැපෑලෙන් ගෙන්වීමට ඉඩ තිබේ. ගබ්සාවක්‌ යනු උපදින්නට නියමිත දරුවකු කලල අවස්‌ථාවේදී විනාශ කිරීම ය. මෙය, එම කලලය හිමි මවගේ ජීවිතය අවසන් වීමට පවා තුඩු දෙන කටයුත්තකි. ගබ්සාවක්‌ කළ හැකි සාධාරණ සහ නීත්‍යනුකූල අවස්‌ථා කිහිපයක්‌ යුරෝපය විසින් හඳුනා ගනු ලැබ ඇත. එය කරන්නේ තැපැල්කාරයන් එනතුරු බලා සිට ඔවුන්ගෙන් ලබා ගන්නා පෙති ගිල දැමීමෙන් නොවේ. දරු ගැබ හටගත් විටම වාගේ එමගින් මවගේ ජීවිතයට හානි වීම මත ගබ්සාවක්‌ කරන්නට ඇතැම් රටවල ඉඩ ඇත. ස්‌ත්‍රී දූෂණයෙන් හට ගත් ගැබ් ඒ හාම ගබ්සා කරන්නට ද තවත් රටවල ඉඩ ඇත. නිතර යුද ගැටුම් පවතින රටවල ස්‌ත්‍රී දූෂණ බහුල ය. කෙසේ වුව ද ගබ්සාවක්‌ යනු ළමයකු මැරීමකි. දරු කලලය කොතරම් නොමේරූ එකක්‌ වුවත් ගබ්සාව සිදුÊකරන විට වේදනාවෙන් හැකිsලෙන බව පර්යේෂණවලින් සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ ගබ්සාවක්‌ කිරීමේ නෛතික අයිතිය ඇත්තේ දරු ගැබ හිමි කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය එම දරු ගැබ නිසා අවදානමට ලක්‌ වන්නේ නම් පමණි. ඒ ද බලපත්‍ර ලත්, ප්‍රසව සහ නාරිවේද ශල්‍ය වෛද්‍යවරයකු ලවා පමණි. එහෙත් ලංකාවේ බෝක්‌කු යට, ගස්‌ උඩ, කඩවල් පිටුපස, පෞද්ගලික රෝහල් ලෙස අටවා ගත් අම්බලම්වල ද ගබ්සා සැත්කම් කෙරෙයි. මේවා කරන්නේ මස්‌ මුදලාලිලා බඳු හොර දොස්‌තරලා ය. හෝමියෝපති, කටු චිකිත්සක වැනි විකල්ප වෛද්‍ය භාවිතයන් යටතේ ඔවුන් පෙනී සිටිති. ගබ්සා වැරදී මියයන තරුණ මවුවරුන් පිළිබඳ වාර්ෂික ගණනය කිරීමක්‌ කළ යුතුය. එසේම ගබ්සා, පෙති තැපෑලෙන් ගෙන්වූ එකා අල්ලා පාර්සල් කර, ලාකඩ වත්කර, ඇඟ පුරා සීල් ගසා, තැපැල් පෙට්‌ටියේ කුඩා විවරයෙන් කෙසේ හෝ ඇතුළට තල්ලු කළ යුතු ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.