වැලිකන්දේ වනිතා සෞදියේදී මියගිහින්

ගෙල කපා මැරුවාද?
දිවිනසා ගත්තාද?

මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි

ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියට ගොස්‌ සිටි වැලිකන්ද පදිංචිකාරියක වූ විසිහත් හැවිරිදි තරුණියක මීට දින කිහිපයකට පෙර ගෙල කපා ඝාතනය කර ඇති බවට ලැබී ඇති තොරතුරු නිසා ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන්නැයි ඇගේ ඥතීහු ඉල්ලා සිටිති.

මෙසේ මියගොස්‌ ඇත්තේ වැලිකන්ද මදුරංගල අංක 174 හි පදිංචිව සිටි සුන්දරමූර්ති වනිතා නමැත්තියකි.

තම දියණිය ගෙල සිරකර හෝ ගෙල කපා මරණයට පත් කර ඇති බවට සැක කරන බවත් දියණියගේ මෘත දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු කරන ලෙස හා සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසත් ඇගේ මව වන පී. වල්ලි අම්මා මහත්මිය ඉල්ලා සිටී.

මීට වසර දෙකකට පෙර සෞදි අරාබියට ගිය වනිතාගේ සොයුරු ටී. පාක්‍යරාජා මෙසේ කියා සිටියේය.

"මගෙ නංගි රට ගියේ කීයක්‌ හරි හොයාගෙන ගෙයක්‌ හදාගන්න. එයා මට තුන් වතාවක්‌ සල්ලි එව්වා. ඒ සල්ලි වලින් ගෙයක්‌ හදන්න පටන් අරං බිත්ති බැඳල තියෙනවා. ලබන ජනවාරි 26 වැනිදාට අවුරුදු දෙකයි මාසයක්‌ වෙනවා. එයාගෙ පොතටත් සල්ලි දාලා රත්‍රන් බඩුත් අරං අපි බලන්න එනවා කිව්වා. එක මාසෙට දෙතුන් වතාවක්‌ කතාකරනවා. ගිය මාසෙ ඉඳල ෆොන් එක වැඩ කළේ නැහැ. අපි නංගිට කීප සැරයක්‌ම කෝල් කළත් ෆො
න් එක වැඩ කළේ නැහැ. පස්‌සෙ අපි ඒජන්සියට කතා කළා. ඒගොල්ල කිව්වා නංගි බෙල්ලට ලණුවක්‌ දාගෙන ජීවිතය නැති කරගෙන කියලා. අපිට වැලිකන්ද පොලිසියෙන් කිව්වේ නංගිගේ බෙල්ල කපල එයාගේ මරණය සිදුවෙලා කියලා. ඉතිං එයාට ජීවිතය නැතිකර ගන්න තරම් දෙයක්‌ තිබුණේ නැහැ. අපට හරිම සැකයක්‌ තියෙනවා මේ මරණය ගැන."
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.