2014 දෙසැම්බර් 31 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

ඡන්දය පටන්ගෙන අවසන් ප්‍රතිපලය නිකුත්වන තුරු
දූෂණ නෑ..නෑ..නෑ..
- මැතිවරණ කොමසාරිස්‌

ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්‌ථාවේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් වන තෙක්‌ ක්‍රියාවලිය තුළ කිසිදු ආකාරයක දූෂිත ක්‍රියාවක්‌ සිදු වීමට කිසිසේත්ම ඉඩක්‌ නොමැති බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මනමේන්ද්‍ර මහින්දට

නව සිහළ උරුමය පක්‍ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අයුරු . එම අවස්‌ථාවට එක්‌වූ මනමේන්ද්‍ර මහතාගේ බිරිඳ හා හිතවතුන් පිරිසක්‌ ද ඡායාරූපයේ වෙති.
ඡායා - සුදත් සිල්වා


අතුරුදන්වූ යානයේ සිටි මඟීන්ගේ සිරුරු හමුවෙයි

අතුරුදන් වූ එයාර් ඒෂියා යානාවේ ගමන් කළ මඟීන්ගේ මළ සිරුරු කිහිපයක්‌ සහ යානයේ සුන්බුන් ඉන්දුනීසියානු ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් විසින් සොයාගෙන ඇත.

ඇමැතිගෙන් සී.අයි.ඩී. එක ප්‍රශ්න කරයි

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (30 වැනිදා) පැය 4 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කර කටඋත්තර ලබා ගත්තේය.

මම ඊළමක්‌ ඉල්ලුවේ නෑ
මන්නාරම රදගුරු මෛත්‍රීට කියයි

ද්‍රවිඩ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක්‌ ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම ද්‍රවිඩ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ඊයේ (30 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.


නව පාසල්වාරය ආරම්භයේදීම වැඩ වර්ජනයක්‌

අයවැයෙන් පොරොන්දු වූ ආකාරයට ගුරු හා විදුහල්පති උසස්‌ වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරය ආරම්භයේදී වැඩවර්ජනය කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.


වර්ෂාව අඩුවෙයි - ගංවතුර තවමත
සහන සේවා දිගටම ක්‍රියාත්මකයි

වර්ෂාවේ යම් අඩුවීමක්‌ දක්‌නට ඇතත් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ තවත් බොහෝමයක්‌ ප්‍රදේශ ජල ගැල්මට හසු වී ඇතැයි පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

දිවයින  සැනෙකින් පුවත්

"ටීඑන්ඒ" මෛත්‍රීට

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය ගෙන ඇති තීරණය ප්‍රකාශ කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආර්. සම්බන්දන්, එම්. ඒ. සුමන්දිරන්, මාවෙයි සෙනාධිරාජා සහ සෙල්වම් අඩෙක්‌කනාදන් යන මන්ත්‍රීවරු.
ඡායාරූප නිමල් දයාරත්න

දවුල්දෙන මහ නාහිමියන්ගේ 100 වැනි ජන්ම දිනය අද

අමරපුර නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය දවුල්දෙන සිරි ඥානිස්‌සර මහනායක හිමිපාණන් වහන්සේ අද (2014 දෙසැම්බර් 31 දා) සිය ජීවන මගේ සියවන ජන්ම දිනය සපුරති.

ජාතික කොඩිය ගසාගෙන මාළු අල්ලන විදේශ යාත්‍රාවලට වාරණයක

ශ්‍රී ලංකා ධජය සහිතව මාළු අල්ලන විදේශ යාත්‍රාවලට ඊයේ (30 වැනිදා) සිට මාළු ඇල්ලීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

රෝහල් වර්ජනයෙන් රෝගීහු අමාරුවේ

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ඊයේ (30 දා) ක්‍රියාත්මක කරනු ලැබු දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බෙහෙත් නිකුත් කිරීම, විකිරණ පරීක්‍ෂණ, රසායනාගාර පරීක්‍ෂණ සිදු කිරීම, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මදුරු කීට විද්‍යාත්මක සමීක්‍ෂණයන් සිදු කිරීම ඇතුළු රෝහල් හා සෞඛ්‍ය සේවාවන් රැසක්‌ ඇණ හිට තිබිණි.

අද රැස්‌වීම්


ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයේ අද (31 දා) මාවනැල්ල, අරණායක සහ අගුණකොලපැලැස්‌ස ප්‍රදේශවලදී ජනහමු පැවැත්වේ.
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ජනහමු අද (31 දා) පුත්තලම, ආණමඩුව, හලාවත, කුලියාපිටිය, ගම්පහ යන ප්‍රදේශවලදී පැවැත්වේ.


 
  • ඩාවුඩ්ගේ ලිපියෙන් අතීතයට කැඳවීමක්‌

    මුස්‌ලිම් කොංග්‍රස්‌ ඇමැති සෙව් ඩාවුඩ් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ලියන ලද අනුවේදනීය ලිපිය කියවූ විට මගේ සිහියට නැගුණේ මීට වසර හැටකට පෙර (1954) ඇතිවූ දේශපාලන සිද්ධියකි.

  


 
  • දෝනි හදිසියේම ටේස්‌ට්‌ වලට සමුදෙයි

    ඉන්දියාවෙන් මෙතෙක්‌ බිහිවූ සාර්ථකම ක්‍රිකට්‌ නායකයා ලෙසින් සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඊයේ (30 දා) විශ්‍රාම ගනු ලැබීය.

  

Kapruka Shopping |  News






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.