තව දින 5යි
ළඟදී තවත් පැනිලි රැසක්‌

කෙහෙළියත් කියයි

අජිත් අලහකෝන්

ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගේ හුවමාරුවක්‌ ඉදිරි දින තුන හතරේදී සිද්ධ වීමට ඉඩ තිබෙන බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා 'දිවයින' ඊයේ (02 දා) කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

මේ දිනවල විපක්‍ෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයටත්, ආණ්‌ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයටත් මන්ත්‍රීවරු මාරු වන බව කී රඹුක්‌වැල්ල මහතා එවැනි මන්ත්‍රී හුවමාරුවක්‌ ඉදිරි දිනවලදී ද සිදු වීමට ඉඩ ඇතැයි කීය.

මමත් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහාය දෙන්න යනවා කියලා කතා පැතිරෙනවා. ඒ ගැන බොහෝ දෙනා මගෙන් විමසීම් කරනවා. බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාත් පනිනවා කියලා මේ දවස්‌වල කතා පැතිරෙනවානේ..... ඔය වගේ කතා ඉදිරි දින කිහිපයේදීත් ප්‍රචාරය වේවි යෑයිද ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.