රාජිතත් කියයි

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ, ශිරාන් රණසිංහ

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් 5 දෙනකු සහ තවත් දේශපාලනඥයන් පිරිසක්‌ ඉදිරි දින 5 ඇතුළතදී ආණ්‌ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා "දිවයින" ට ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉදිරි දිනවල පැවැත්වෙන ප්‍රධාන ජන රැලිවලට ආණ්‌ඩු පක්‍ෂයෙන් පැමිණෙන මැති ඇමැතිවරුන් එක්‌වීමට නියමිත බව ද ඒ මහතා අදහස්‌ කළේය.

මේ වනවිට ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 27 දෙනකු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩුවෙන් පැමිණ ඇතැයි ඒ මහතා කීය.

ගම්පහ, කළුතර, මහනුවර යන දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් පොදු අපේක්‍ෂකයාට සහය දැක්‌වීම පිණිස මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත් වනු ඇතැයිද ඒ මහතා තවදුරටත් කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.