ලිත් තොගයක්‌ අත්අඩංගුවට

එජනිස ලිත් තොගයක්‌ බෙදාහැරීමට සූදානම් කර නුවරඑළිය සමෘද්ධි බැංකුවේ තිබියදී ඊයේ (2 දා) නුවරඑළිය මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලය හා නුවරඑළිය පොලිසිය විසින් කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

කෘෂි රක්‍ෂණ මණ්‌ඩලය මගින් ලිත් මුද්‍රණය කර තිබී ඇති අතර නුවරඑළිය මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක්‌ මත වැටලීම සිදුකර තිබේ.

ජනාධිපතිවරණයක්‌  ප්‍රකාශ කර ඇති අවස්‌ථාවක එවැනි ප්‍රචාරක කටයුතු නොකරන ලෙස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට මැතිවරණ නිලධාරීන් අවවාද කර තිබේ.

මේ අතර නුවරඑළිය ශ්‍රී ල.නි.ප. සංවිධායකවරයා මෙන්ම ඇමැතිවරයකු ද වන පුද්ගලයකු විසින් ජනපති ඡායාරූප සවි කර භාවිත කළ බස්‌ රථය මැතිවරණ නිලධාරීන් විසින් තම භාරයට ගෙන නුවරඑළිය පොලිසියට බාර දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.