තැපැල් ඡන්දය බැරි වුණා නම් අදත් අවස්‌ථාව

රනිල් ධර්මසේන

මෙතෙක්‌ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයන්ට අද (03 දා) ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දී තිබේ.

එම ඡන්දදායකයන් තමන්ට අදාළ දිස්‌ත්‍රික්‌ මැතිවරණ කාර්යාලයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මේ වන විට ලියාපදිංචි තැපැල් ඡන්ද දායකයන්ගෙන් සියයට 85 ක්‌ පමණ ඡන්ද ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්‍ෂක සංවිධාන පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.