හැඳුනුම්පත් ලක්‍ෂ දෙකක්‌

සිරිමන්ත රත්නසේකර

ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දින සිට ඊයේ (02 වැනිදා) දක්‌වා වූ කාල සීමාවේදී පුද්ගල හැඳුනුම්පත් ලක්‍ෂ දෙකක්‌ නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා "දිවයින" ට ඊයේ (02 වැනිදා) සඳහන් කළේය.

එසේම පසුගිය 15 වැනිදාට ප්‍රථම ඉල්ලුම් කළ හැඳුනුම්පත්වලට අදාළ සියලු නිකුත් කිරීම් අද (03 වැනිදා) දිනයේදී සිදුකර අවසන් කරන බවත් ඔහු කීවේය.

අයෑදුම් කිරීමේදී දොaෂ රහිතව ඉදිරිපත් කළ සියලු අයෑදුම්පත් කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් සරත් කුමාර මහතා කියා සිටියේය.

ඇතැම් මැතිවරණ සංවිධාන සඳහන් කරන ආකාරයෙන් හැඳුනුම්පත් නොමැති ලක්‍ෂ ගණනාවක ජනතාවක්‌ නොසිටින බවත් එම සංවිධාන නිකුත් කරන ඇතැම් කරුණු සාවද්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.