මහජන බැංකුවේ ශේෂ පත්‍රය රු. ට්‍රිලියනය ඉක්‌මවයි

පසුගිය (2014) වසරේ දී මහජන බැංකුවේ ශේෂ පත්‍රය රු. ට්‍රිලියනය ඉක්‌මවීම සහ µsච් ශ්‍රේණිගත කිරීම්වලදී AA+ ශ්‍රේණිය හිමිවීම යන ඉතාම සුවිශේෂී ජයග්‍රහණ වාර්තා කිරීමට මහජන බැංකුව සමත් වී ඇත.

මෙම ජයග්‍රහණ සිය මෙහෙයුම්වලදී අනුගමනය කළ සුවිශේෂී පියවර රැසක ප්‍රතිඵල යෑයි මහජන බැංකුව කියයි.

ශාඛා ගණන 739 ඉක්‌මවමින් රටේ පුළුල්තම ශාඛා ජාලය හිමි බැංකුව බවට පත්වීම, රට පුරා පිහිටුවා ඇති 2,500 කට අධික Aඔඵ යන්ත්‍ර සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව, 11,000 කට අධික අති දක්‍ෂ කාර්ය මණ්‌ඩලයක්‌ සිටීම ආදිය මහජන බැංකුවේ සාර්ථකත්වයේ මූලිකාංග ලෙස දැක්‌විය හැකි වේ. විදේශීය බැංකු සමඟ ඇතිකරගෙන ඇති සම්බන්ධතා ඔස්‌සේ රටවල් 110 කට ආසන්න ප්‍රමාණයකට සේවාවන් ව්‍යාප්ත කිරීමට මහජන බැංකුවට හැකිවී ඇත. ඒ නිසා ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන්හිදීත් ඕනෑම තැනක සිට බැංකුව සමඟ සම්බන්ධ විය හැකි වේ. රුපියල් බිලියන 300 ක්‌ ඉක්‌මවූ තැන්පතු සමඟින් විශාලතම තැන්පතු පදනමට හිමිකම් කියමින් තවත් වාර්තාවක්‌ පිහිටුවීමට එයට හැකියාව ලැබී ඇත්තේ ඒ නිසාවෙනි. එමෙන්ම මිලියනයකට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසකට සේවා සලසමින් 2014 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක්‌ වාර්තා කිරීමටද මහජන බැංකුව සමත්ව තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.