නව පාසල් වාරය සඳුදා
පාසල් රැසක්‌ 12 වැනිදා දක්‌වා වසා තැබේ

නිලන්ත මදුරාවල

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කරන පාසල් සහ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලුම රජයේ පාසල් ලබන සඳුදා (05 වැනිදා) ආරම්භ කෙරේ.

ඉන්පසු ජනාධිපතිවරණ කටයුතු සඳහා සියලුම පාසල් යළි 7, 8, සහ 9 යන දිනවල වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උත්තර පත්‍ර ඇගයීම් කෙරෙන සහ ඡන්ද ගණන් කිරීමට යොදා ගැනෙන පාසල් පළමු වාරය සඳහා ආරම්භ කෙරෙන්නේ 12 වැනිදාය.

ශුද්ධෝත්තම පළමුවැනි µ්‍රeන්සිස්‌ පාප් වහන්සේ සංචාරයට සමගාමීව ආරක්‌ෂක කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 48 ක්‌ 11 වැනිදා සිට 15 වැනිදා දක්‌වා වසා තැබෙන අතර එම පාසල් යළි 16 වැනිදා ආරම්භ කෙරෙන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සාමාන්‍ය පෙළ ඇගයීම් කෙරෙන පාසල් මෙසේය.

කොළඹ නාලන්ද, තර්ස්‌ටන්, අශෝක, මහරගම බුවනෙකබා, හෝමාගම ජනාධිපති, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, අවිස්‌සාවේල්ල ශාන්ත මේරි, පානදුර බාලිකා, හොරණ තක්‍ෂිලා, කළුතර බාලිකා, මතුගම සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ගම්පහ බණ්‌ඩාරවත්ත පරාක්‍රම, මුදුන්ගොඩ හෙනරත් කැප්පෙටිපොළ, යක්‌කල අනුර, නිට්‌ටඹුව සංඝබෝධි, මීගමුව ශාන්ත පීතර, ගාල්ල සංඝමිත්තා බාලිකා, උස්‌වතුල් හසනා, අනුලාදේවි සහ සුධර්මා, මාතර කොටුව ජනාධිපති, සර්වේෂස්‌, ශාන්ත තෝමස්‌ උසස්‌ බාලිකා, මාතර මධ්‍ය මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක, ඇල්පිටිය ආනන්ද, අකුරැස්‌ස ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය, හම්බන්තොට ශාන්ත මේරි, තංගල්ල රුහුණු විජයබා, රත්නපුර මිහිඳු සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලය, පැල්මඩුල්ල ගංකන්ද, බළන්ගොඩ බුද්ධ ජයන්ති, ඇඹිලිපිටිය විද්‍යාලය, කෑගල්ල මහා විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා, කුරුණෑගල මලියදේව ආදර්ශ, ඩී. බී. වෙලගෙදර, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ශ්‍රී නිශ්ශංක, ගැට්‌ටුවාන සහ ශුද්ධ වූ පවුලේ බාලිකා, කුලියාපිටිය සාරානාත්, හලාවත කාර්මෙල් බාලිකා, නිකවැරටිය මහසෙන්, මහනුවර විහාරමහා දේවි, සීතාදේවි, වාරියපොල ශ්‍රී සුමංගල, පුෂ්පදාන, ස්‌වර්ණමාලි බාලිකා සහ බද්උද්දීන් මහමුදල් බාලිකා, පේරාදෙණිය සරසවි උයන, ගම්පොළ වික්‍රමබාහු, මාතලේ විජය, ශාන්ත තෝමස්‌, හැටන් දොන් බොස්‌කෝ සහ හයිලන්ඩ්, මහියංගන විද්‍යාලය, මොණරාගල මහානාම, අම්පාර ඩී. එස්‌. සේනානායක, ත්‍රිකුණාමලය ශ්‍රී සන්මුගන් හින්දු බාලිකා, වවුනියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චිය මහා විද්‍යාලය, මන්නාරම ශාන්ත සේවියර් පිරිමි, යාපනය වෙම්බඩි උසස්‌ බාලිකා, හින්දු විද්‍යාලය, හින්දු බාලිකා විද්‍යාලය සහ නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන ලෙස භාවිත කරන පාසල්

කොළඹ රාජකීය, ඩී. එස්‌. සේනානායක, ගම්පහ පත්තලගෙදර විද්‍යාලෝක, කළුතර දෙදියවල මියුසියස්‌, මහනුවර ශාන්ත සිල්වෙස්‌ටර්, හේමමාලි බාලිකා, මාතලේ ක්‍රිස්‌තුදේව, නුවරඑළිය ගාමිණී ජාතික පාසල, ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය, මාතර සුජාතා බාලිකා, හම්බන්තොට සුවි ජාතික පාසල, යාපනේ මධ්‍ය මහා විද්‍යාලය, මුලතිව් මහා විද්‍යාලය, මඩකලපුව හින්දු විද්‍යාලය, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව පිරිමි, මලියදේව බාලිකා, සර් ජෝන් කොතලාවල, පුත්තලම සෙයිනබ් බාලිකා, µdතිමා බාලිකා, ශාන්ත ඇන්ඩෲ, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහා දේවි බාලිකා, මොණර dගල රාජකීය, කෑගල්ල බාලිකා සහ කෑගල්ල ස්‌වර්ණ ජයන්ති මහා විද්‍යාලය.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස්‌ පාප්තුමන්ගේ සංචාරයට අදාළව ආරක්‌ෂක කටයුතු සඳහා යොදා ගන්නා පාසල්

කොළඹ රාජකීය, සිරිමාවෝ බණ්‌ඩාරනායක, තර්ස්‌ටන්, ඩී. එස්‌. සේනානායක, මහානාම, ශාන්ත අන්තෝනි බාලිකා, කොල්ලුපිටිය ශාන්ත මරියා බාලිකා, විශාකා, ලුම්බිණි, ශාන්ත පාවුළු, හින්දු පිරිමි, බම්බලපිටිය ශාන්ත මරියා, ඉසිපතන, බොරැල්ල කන්නන්ගර, බණ්‌ඩාරනායක, සුසමයවර්ධන, සංඝමිත්තා බාලිකා, රත්නාවලී බාලිකා, කොටහේන කුමාර, ගුණානන්ද, ජනාධිපති, දීපදුත්තාරාම, ග්‍රෑන්ඩ්පාස්‌ ශාන්ත ජෝශප් පිරිමි, විජයබා, ශාන්ත අන්තෝනි (සිංහල), ශාන්ත අන්තෝනි (දෙමළ), බ්ලූමැන්ඩල් (සිංහල), නවලෝක පාසල, අල්අසාර්, බ්ලූමැන්ඩල් (දෙමළ) සහ ජයන්ති විද්‍යාලය, දෙමටගොඩ හේමමාලි සහ ඥානවිමලාරාම, මාලිගාවත්ත බාරොන් ජයතිලක සහ රාජසිංහ, මරදාන ආනන්ද, අශෝක, මහාබෝධි, විහාරමහාදේවි බාලිකා, සංඝරාජ, ආනන්ද බාලිකා, ගෝතමී බාලිකා සහ ක්‌ලිප්ටන් බාලිකා, කොම්පඤ්ඤවීදිය හෝලි රෝසරී (සිංහල), හෝලි රොසරී (දෙමළ), ශාරිපුත්ත, ටී. බී. ජයා සහ අල්ඉක්‌බාල්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.