වෙළෙඳ හිඟය 4.3% කින් වර්ධනය වේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වසරේ (2014) පළමු මාස දහයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය (ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය) සියයට 4.3 කින් ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව ගිය වසරේ (2013) පළමු මාස දහයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6507.3 ක්‌ වූ වෙළඳ හිඟය මේ වසරේ (2014) පළමු මාස දහයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6785.8 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

මේ අතර පසුගිය ඔක්‌තෝබර් මස වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 352.3 සිට ඇමරිකානු ඩොලර් මිලියන 351.7 ක්‌ දක්‌වා සියයට 141.7 කින් ඉහළ ගොස්‌ තිබේ. ඔක්‌තෝබර් මස අපනයන ආදායම සියයට 13.7 කින් අඩු වීමත් ආනයන වියදම සියයට 25.6 කින් වර්ධනය වීමත් මෙයට හේතුවී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.