දෙසැම්බර් මස උද්ධමනය 2.2% යි

ශ්‍යාම් නුවත් ගනේවත්ත

ඉකුත් දෙසැම්බර් මස උද්ධමනය සියයට 2.2 දක්‌වා සුළු වශයෙන් ඉහළ ගොස්‌ තිබේ. පසුගිය නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 1.5 ක්‌ විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත. මේ අතර අඛණ්‌ඩව මාස 19 ක්‌ පුරා අඩුවන ප්‍රවණතාවක්‌ පෙන්නුම් කළ වාර්ෂික සාමාන්‍ය උද්ධමනයද නොවැම්බර් මස පැවැති සියයට 3.5 සිට සියයට 3.3 අඩු වී තිබේ.

විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ලCෂ්‍යමය උද්ධමනය පුරා මාස 65 ක්‌ තිස්‌සේද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පුරා මාස 71 ක්‌ තිස්‌සේද තනි ඉලක්‌කමක පවතින අතර, එසේ උද්ධමනය අඛණ්‌ඩව තනි ඉලක්‌කමක පැවැති දීර්ඝතම කාලපරිච්ඡේදය මෙය බවද මහ බැංකුව පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.