බීමත් රියෑදුරන් 1152 ක්‌ අහුවෙලා

ලසිත දුමින්ද

උත්සව සමයේ බීමත් රියෑදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (02 වැනිදා) වන විට රියෑදුරන් 1152 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ත්‍රීරෝද රථ රියෑදුරන් 416 ක්‌, යතුරු පැදිකරුවන් 584 ක්‌, මෝටර් රථ රියෑදුරන් 61 ක්‌, පුද්ගලික මගී ප්‍රවාහන බස්‌ රථ රියෑදුරන් 5 ක්‌, වෑන් රථ රියෑදුරන් 29 ක්‌ ඇතුළු රියෑදුරන් 1152 ක්‌ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් රියෑදුරන් අදාළ පොලිස්‌ ස්‌ථාන මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

දිවයින පුරා පිහිටි සියලුම පොලිස්‌ ස්‌ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ මෙහෙයුම පසුගිය 24 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.