ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සහයෝගය මෛත්‍රීපාලට

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කඩා වැටුණ මූල්‍ය සමාගම් තැන්පත්කරුවන් පිළිබඳ සහන සලසන වගන්ති ඇතුළත් කර තිබීමෙන් ගෝල්ඩන් කී තැන්පත්කරුවන් 2500 දෙනකුට සාධාරණයක්‌ ඉටු කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි අප දැඩි සේ විශ්වාස කරන බැවින් මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට තීරණය කළ බව සාධාරණයක්‌ සඳහා වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ හඬ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම සංවිධානයේ සභාපති ඊ. ජූඩ් ටාකෝ පෙරේරා සහ ප්‍රධාන සංවිධායක මැකලම් ද සිල්වා මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ගෝල්ඩන් කී තැන්පත් කරුවන් වන අපට යුක්‌තිය සාධාරණය ඉටු කරදෙනු ඇතැයි විශ්වාසයෙන් වසර 6 ක කාලයක්‌ අපි බලා සිටියෙමු.

එහෙත් වඩාත් අසරණ තැන්පත් කරුවන් හට ලබාදුන් සියලුම පොරොන්දු අද වනවිට කඩකර හමාරයි. තත්ත්වය එසේ නම්, සක්‌විති, දඬුවම් මුදලාලි, සෙලින්කෝ එµa. ඇන්. ජී., සෙලින්කෝ ශ්‍රී රාම්, සෙලින්කෝ ප්‍රොµsට්‌ ෂෙයාරින්, සෙලින්කෝ ගෝල්ඩන් කී සහ මෑතක කඩා වැටුණු සී.අයි.එµa.එල්. තැන්පත් කරුවන් 40,000 ක්‌ සහ ලක්‍ෂ 5 ක්‌ පමණ ඔවුන්ගෙන් යෑපෙන්නෝ මෙම ජනපතිවරණයේදී තම වටිනා ඡන්දය ලබාදිය යුත්තේ කුමන අපේක්‍ෂකයාටද?

2008 දෙසැම්බර් ගෝල්ඩන් කී සමාගම වසා දමමින් එහි තැන්පත් කරුවන් කොළඹට කැඳවා, සෙලාන් බැංකුව සහ සෙලින්කෝ සමාගම් හි තමන් සතු අයිතිය විකුණා කඩිනමින් තැන්පතු පියවන බවට වගකීම් භාරගත් ලලිත් කොතලාවල මහතා සතියක පමණ කාලයක්‌ තුළදී තැන්පතු පියවීමේ කටයුතු ආරම්භ කළේය.

එවැනි අවස්‌ථාවක අසරණ වූ තැන්පත්කරුවන් පිළිබඳව කිරීමට තිබුණේ 300 කට අධික සමාගම් සංඛ්‍යාවක හිමිකාරත්වයක්‌ දැරූ කොතලාවල මහතා කැඳවා කළයුතු දේ පිළිබඳව ඔහුට උපදෙස්‌ දෙමින් තැන්පතු පියවීම සහ සමාගම් පවත්වාගෙන යැම සඳහා ඔහුට උදවු වීමයි.

එහෙත් සිදු කළේ කුමක්‌ද? සෙලින්කෝ සමාගම් සමූහය කඩා වැටීමට ඉඩහැර සෙලාන් බැංකුව, ද µයිනෑන්ස්‌ සමාගම ඇතුළු සමාගම් පවරාගෙන ඒවායේ වත්කම් සූරා කෑමයි.

කොතලාවල මහතා ඉවත් කොට පත්කළ නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ යටතේ 2011 දෙසැම්බර් මාසයේදී පමණ එම ණය වශයෙන් ලබාගත් රුපියල් මිලියන 3,060 වෙනුවට තවත් බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 928 ක්‌ පමණක්‌ ලබාදී අදාළ ඉඩම නැවතත් ඔහු වෙතම ලබාගෙන ඇත. ඒ අනුව ණය මුදලින් රුපියල් ලක්‍ෂ 21,320 ක්‌ සෙලාන් බැංකුවට අහිමි වී ඇත. ඒ ආකාරයෙන්ම සෙලාන් බැංකුවට අයිති තවත් කොළඹ පිහිටි වටිනා දේපළ කිහිපයක්‌ කුණු කොල්ලයට විකිණීමට ක්‍රියාකර ඇත. තත්ත්වය එසේනම්, මූල්‍ය සමාගම් කඩා වැටීමට සහ ඒවායේ තැන්පත්කරුවන් අසරණ කොට ඇත්තේ කවුදැයි අපි ප්‍රශ්න කරමු.

අරලියගහ මැදුර ඉදිරිපිට ගාලු පාරේ තිබෙන, ඹගෘග එකෙන් ලබාගත් ඉඩමක්‌ තුළ කොතලාවල මහතා විසින් ඉදිකිරීම් ආරම්භ කළ මහල් 44 කින් යුතු ලංකාවේ උසම ගොඩනැඟිල්ල. එකී අඩක්‌ ඉදිකළ ගොඩනැඟිල්ල විකුණා තැන්පතු පියවීමට නියෝග ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබියදී සහ එම දේපළ රුපියල් බිලියන 8 ක වඩා වැඩි මිලකට මිලදී ගැනීම සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත්ව සිටියදී කළේ කුමක්‌ද? පාර්ලිමේන්තුව තුළ අලුත් නීති සම්පාදනය කොට එම දේපළ පවරා ගැනීමයි.

එසේම තැන්පතු පියවීම සඳහා කොතලාවල මහතා ලබාදුන් කොළඹ කොටුව සෙලින්කෝ ගොඩනැඟිල්ලේ තට්‌ටු 3 හි කොටුව පොලිසිය ස්‌ථාපිත කර තැන්පතු පියවීම සඳහා විකිණීම ප්‍රමාද කරමින් සිටියි. මෙම තත්ත්වය යටතේ වත්කම් අහිමි කොට සෙලින්කෝ සමාගම් සමූහයම කඩා වැටීමට කටයුතු කර ඒවායේ ගනුදෙනුකරුවන් සහ තැන්පත්කරුවන් වසර 6 ක්‌ තිස්‌සේම අසාධාරණයට ලක්‌කොට ඇත.

මේ වනවිටත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කඩා වැටුණු මූල්‍ය සමාගම් තැන්පත් කරුවන් පිළිබඳව සහන සලසන කිසියම් වගන්ති ඇතුළත් කර තිබීම තුළින් ම මේ ආකාරයෙන් අසරණ වූ තැන්පත්කරුවන්ට සහන සැලසීමේ යුක්‌ති සහගත සහ සාධාරණයක්‌ ලබාදීමට ඔහු කටයුතු කරනු ඇතැයි අපි දැඩි සේ විශ්වාස කරන බැවින් ඔහුට අපගේ සම්පූර්ණ සහාය ලබාදීමට අපි තීරණය කළෙමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.