යුද්ධයෙන් කර ගැනීමට නොහැකි වූ ඊළාම් අභිලාශයන් දේශපාලන වශයෙන් ලබා ගැනීමේ උත්සාහයක්‌ තිබෙනවා
- මහාචාර්ය ජී. එල්. පීරිස්‌

අනුර බාලසූරිය



ජනවර්ගයන්ට අනුව වෙනම කලාපවලට රට කැඩීම යුද්ධයෙන් කර ගැනීමට නොහැකි වූ ඊළාම් අභිලාෂයන් දේශපාලන වශයෙන් ලබා ගැනීමේ උත්සාහයක්‌ ඇති බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (2 වැනිදා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනිය පළාත් සභා බලතල පුළුල් ලෙස උතුරට පවරන බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇතත් චම්පික රණවක මහතාගේ අදහස දැනට තිබෙන පළාත් සභා බලතල අඩුකර ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල වැඩි කිරීම බවත් පැවසූ ඇමැතිවරයා මොවුන් දෙදෙනා දරන්නේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස්‌ බැවින් විපක්‍ෂ සංධානය කැඳ හැලියක්‌ වී ඇතැයි ද කීවේය.

මොවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ ජනාධිපතිතුමා පරාජය කිරීම පමණක්‌ බවත් පැවසූ ඇමැතිවරයා මුස්‌ලිම්වරුන්ට කල්මුණේ වෙනම කලාපයක්‌ ලබාදිය යුතු බවට රවුµa හකීම් ගේ ඉල්ලීම ජනාධිපතිවරයා පිළිනොගැනීම නිසා ඔහු සිරිසේන මහතාගේ සහායට එක්‌ වූ බවත් පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේද සහයෝගය සිරිසේන මහතාට ලැබෙන බවත් දෙමළ සන්ධානයේ ඉල්ලීම උතුර නැගෙනහිර ඒකාබද්ධ කර ගැනීම බවත් පැවසූ ඇමැතිවරයා හිටපු ජනාධිපතිනියගේ ප්‍රකාශය එම ඉල්ලීම පිළිගැනීම බවත් රටවල් මේ ආකාරයට ජනවර්ගයන්ට අනුව කලාපවලට වෙන්කිරීමෙන් ලොව කිසිදු ජනවාර්ගික කොටසකට යහපතක්‌ නොවූ බවත් පැවැසීය.

ජනවර්ගයන් කලාප වලට වෙන්කර රට කෑලිවලට කැඩීම ඉතා භයානක ප්‍රවණතාවක්‌ යෑයි ද කී ඇමැතිවරයා යුගොස්‌ලෝවියාවේ නායක ටිටෝගේ අභාවයෙන් පසු රට ඒකක වශයෙන් කෑලිවලට කැඩුණු බවත් සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ.ය අප රට තුළ යුදමය වශයෙන් පරාජයට පත් වූවත් ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් නතර වී නොමැති බව රුද්‍රකුමාරන් ලංකාවෙන් පිට ඊළාම් ආණ්‌ඩු පිහිටුවා කැබිනට්‌ මණ්‌ඩලයක්‌ සාදා රුද්‍රකුමාරන් එහි නායකයා බවත් කීවේය.

මෙයට දශක කිහිපයකට ඉහත දී මේ රටේ සිටි මුස්‌ලිම් නායකයන් හට ප්‍රධාන පක්‍ෂවලට පැමිණ ඉහළ ස්‌ථානවලට යැමට හැකි වූ බවත් ඔවුන් කිසිදා වෙනම කලාප නො ඉල්ලූ බවත් පැවැසීය.

අප රජය තුළ ජාතිවාදී හැඟීම් නොමැති බවත් පලස්‌තීන රාජ්‍යයක්‌ බිහිකිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු දායකත්වය ඉතා ඉහළින් අගය කරමින් පලස්‌තීන නායකයා ජනාධිපතිතුමාට එවන ලද අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන් කර ඇති බවත් සඳහන් කළේය.

යම් යම් එකඟතාවන් උඩ රට විනාශ මුඛයට යැමට ඉඩ නොදී කෙළෙහිගුණ දන්නා ජාතියක්‌ ලෙස රට පිළිබඳව ගැඹුරින් සිතා රටට හිතකර නායකයා රැකගත යුතු බවත් සඳහන් කළේය.

යුද්ධයෙන් කර ගැනීමට නොහැකි වූ දේ අද ජනවාර්ගික ඒකක හරහා කර ගැනීමට යන බවත් මෙහි බැරෑරුම් ප්‍රතිඵල පිළිබඳව ජනතාව තුළ පැහැදිලි හැඟීමක්‌ තිබිය යුතු බවත් පැවැසීය.

රටේ පොදු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ජාත්‍යන්තර පාසල් ඇතුළත් කිරීම, විශ්වවිද්‍යාල වරම් නොලැබූ ඊළඟට සිටින දක්‍ෂතම ශිෂ්‍ය කණ්‌ඩායම ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ණය ක්‍රමයක්‌ යටතේ ගාස්‌තු අයකර බඳවා ගැනීමට කටයුතු කිරීම, තාක්‍ෂණික අධ්‍යාපනික ආයතනයන්ට බාධාවකින් තොරව ඇතුළුවීමට ණය පහසුකම් විධික්‍රම හඳුන්වාදීම යන කරුණු සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වී ඇති බවත් මෙය නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කිරීමක්‌ යෑයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ගෝලීය ද්‍රවිඩ ඊළාම් සංවිධානයේ මූලික අරමුණ සඳහා බෙදා වෙන් කළ ඒකක සුවිශේෂී තත්ත්වයක්‌ නිර්මාණය කරන බව උතුරු පළාතේ අධ්‍යාපනය පිළිබඳව පළාත් සභාවේ ලියවිල්ලක සඳහන්ව තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා එහි වෙනම දෙමළ ජාතික අධ්‍යාපනික ආයතනයක්‌ පිහිටුවීමටත් උතුරේ ජාතික පාසල් අහෝසි කිරීම, මව්බස හැර අනෙකුත් භාෂා පළමු ශ්‍රේණියේ සිට ඉගැන්වීම, ජාතික විභාග ක්‍රම උතුරට ගැළපෙන පරිදි සැකසීම ආදී කරුණු යෝජනා කර තිබෙන බවත්, මෙම යෝජනා ජනවාර්ගික අනුව වෙන් වූ ප්‍රතිපත්තිමය කරුණු බවත් අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිපාලන, ඉඩම් සඳහා ටිකෙන් ටික මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කෙරෙන බවත් කීය.

ජනාධිපතිවරණයකදී පිටවිය යුත්තේ තමන්ගේ සිතුවිලි වුවත් මෙම ජනාධිපතිවරණයේදී පිටවනුයේ සිරිසේන මහතාගේ හඬ වුවත් අදහස චJද්‍රිකා මැතිනියගේ බවත් පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

හකීම් කල්මුණේ කේන්ද්‍ර කරගත් මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලුවේ නැහැ කියලා කිව්වත් ජනාධිපතිතුමා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු එම ඉල්ලීම සිරිසේන මහතාගෙන් ද නොලැබුණා නම් හකීම් මහතාට ආණ්‌ඩුව තුළ රැඳී සිටීමට තිබුණා යෑයි ද හෙතෙම සඳහන් කළේය.

ඊළාම්වාදී හා ෙµඩරල්වාදී මේ සියලු දෙනා අද එකම වේදිකාවක සිටින බවත් මෙය මේ රටේ ජනතාව බුද්ධිමත්ව සිතට ගත යුතු කරුණක්‌ බවත් කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.