ඇමරිකානු විදෙස්‌ පිළිවෙත මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ ප්‍රකාශයේ ඇතුළත්
- හතරවැනි ජාත්‍යන්තර සංවිධානය

විරුද්ධ පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් ඇමරිකානු විදේශ පිළිවෙත අනුගමනය කිරීමේ සහ දැවැන්ත ව්‍යාපාරවල හිමිකම් රැකීමේ ප්‍රතිඥාවක්‌ දී ඇතැයි හතරවැනි ජාත්‍යන්තරය නමැති සංවිධානය පවසයි.

විපක්‍ෂ සන්ධානයේ ප්‍රධාන නිර්මාතෘ වූ හිටපු ජනාධිපති චJද්‍රිකා කුමාරතුංග ක්‌ලින්ටන් පදනම හරහා වොෂින්ටනය සමඟ සමීප සබඳතාවන් ගොඩනගාගෙන ඇතැයි ද එකී සංවිධානය තවදුරටත් හෙළිකර ඇත.

මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියාමාර්ග ද වොෂින්ටනය සමඟ සම්බන්ධ වී තිබේ. එසේම ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත බටහිර වෙත යොමුවන බවට ද දක්‌වා ඇත.

ඇමරිකාව සහ තවත් රටවල් රාජපක්‍ෂ රජයට එරෙහි යුද අපරාධ චෝදනා සිදු වී ඇතැයි කියමින් දැඩි බලපෑම් එල්ල කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.