නෙළුන්දෙණිය නගරයේදී ඉන්ධන බවුසරයක්‌ ගිනි ගනී

වරකාපොල විශේෂ - සරත් ආනන්ද ලියනගේ, අතිරේක - වසන්ත කුමාර මාපා, කෑගල්ල - එම්. බී. පහලවත්ත

කොළඹ - නුවර මහා මාර්ගයේ නෙළුන්දෙණිය නගරයේ ඉන්ධන මධ්‍යස්‌ථානයට ඉන්ධන ගොඩබෑම සඳහා ගෙන ආ ඉන්ධන බවුසරයක්‌ ඊයේ (02 වැනිදා) සවස ගිනිගෙන පුපුරා සම්පූර්ණයෙන් ම විනාශ විය.

මෙම ඉන්ධන බවුසරය ගිනි ගැනීම නිසා කොළඹ - නුවර මහා මාර්ගය පැයක පමණ කාලයක්‌ වාහන ගමනාගමනය ද නවතා දැමීමට සිදුවිය. මුළු නගරය කළු දුමින් වසාගෙන තිබිණි. මෙසේ විනාශයට පතAවූ බවුසරය වරකාපොළ විවිධ සේවා සමුපකාර සංගමයට අයත් එකකි. ඒ අසල නවතා තිබූ මෝටර් සයිකලයක්‌ ද කාණුව දිගේ ඉන්ධන ගලා යැම නිසා අසල තිබූ කඩයක්‌ ද ගින්නට හසුවිය.

මාවනැල්ල ගිනි නිවන ඒකකයෙන් ගිනි නිවන රථය එන විට සෑහෙන කාලයක්‌ ගත වී තිබීම නිසා ගින්න නිවා දැමීමට ප්‍රමාද විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.