කොළඹ මහ නගර සභාව ඉදිරිපිට ඩිජිටල් ඔරලෝසුවක්‌


ශ්‍රී ලංකාවේ ඉපැරණිම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවට මේ වසරේදී (2015) වර්ෂ 150 ක්‌ සපිරේ. 1865 වර්ෂයේ කොළඹ මහ නගර සභාව පිහිටුවා ඇති අතර වර්ෂ 150 සපිරීම නොවැම්බර් 25 වැනි දිනට යෙදේ. එය නිමිති කරගෙන නගර සභාව ඉදිරිපිට ඩිජිටල් අවරෝහණ (අඩුවන) වේලා සටහන් ඔරලෝසුවක්‌ පෙරේදා (01 වැනිදා) නගර ශාලාව ඉදිරිපිට ස්‌ථාපනය කරනු ලැබීය.

ඉංග්‍රීසීන්ට අප යටත් විජිතයක්‌ව පැවැති (1815) සමයේදී කොළඹ මහ නගර සභාව පිහිටුවා තිබේ. ඩිජිටල් අවරෝහණ ඔරලෝසුව ස්‌ථාපනය කළ අවස්‌ථාවට කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල්, නියෝජ්‍ය නගරාධිපති යු. එල්. ටයිටස්‌, නාගරික කොමසාරිස්‌ භද්‍රdනි ජයවර්ධන යන මහත්ම මහත්මීන් එක්‌ව සිටි අයුරු මෙහි දැක්‌වේ.

සටහන චමින්ද සිල්වා - ඡායාරූප සමන් රණවීර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.