ජනපති හැර යන්නේ නෑ
මධ්‍යම පළාත් මුස්‌ලිම් මන්ත්‍රීවරු 24 කගෙන් ප්‍රතිඥ

සිරිල් විමලසුරේන්ද්‍ර

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් සියලු ප්‍රයෝජන හා වරප්‍රසාද ලබාගෙන මැතිවරණය පැවැත්වෙන මේ මොහොතේ හකීම් සහ මුස්‌තාµd විපක්‍ෂයට ගියාට මුස්‌ලිම් අප ජනාධිපතිතුමා හැර යන්නේ නැහැ. මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන රැසක මුස්‌ලිම් මන්ත්‍රීවරුන් විසිහතර දෙනෙක්‌ සිකුරාදා ඊයේ (02 දා) මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හමුවේ ප්‍රතිඥවක්‌ දුන්හ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් තිදෙනකු මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රීවරු හා ස්‌වාධීන මන්ත්‍රීවරුන් 21 දෙනෙක්‌ද මෙලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පිණිස එක්‌වූහ.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක හකීම් මහතාත් මුස්‌තාµd මහතාත් රජය හැර ගියේ සියලු ලාභ ප්‍රයෝජන ලබාගෙන අවසානයේ බව දන්නා මුස්‌ලිම් ජනතාව ජනාධිපතිතුමා සමග සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සිදුකළ සේවය දන්නා නිසා යෑයි මහජන නියෝජිතවරු පැවසූහ.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයේ කොටින්ගෙන් බැටකමින් සිටි මුස්‌ලිම් ජනතාවට සහනය ලබා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා බව පැවසූ නියෝජිත පිරිස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව පැවසූහ.

මධ්‍යම පළාත් සභාවේ ශ්‍රීලමුකො මන්ත්‍රී ඒ. එල්. එම්. උවයිස්‌, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්්‍රS එම්. අසිස්‌ සහ පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ ස්‌වාධීන මන්ත්‍රී උවයිස්‌ රසාක්‌ යන මහත්වරුද මුස්‌ලිම් මන්ත්‍රී කණ්‌ඩායම අතර වූහ.

අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සිම්සාන් සහ මහනුවර නාගරික මන්ත්‍රී ඒ. එල්. එම්. නුහුමාන් හඡ්ජියාර් යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.