මෛත්‍රීපාල සිරිසේන ජයගත් පසු
අන්තිම ජනාධිපතිවරණය බවට මෙම මැතිවරණය පත් කරගත යුතුව තිබෙනවා
- ජවිපෙ ලාල්කාන්ත

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු, කේ. එච්. පියසේන

මේ ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු යළි ජනාධිපතිවරණයක්‌ ලංකාවේ තියෙනවාද නැද්ද යන්නත් මෙය ලංකාවේ අන්තිම ජනාධිපතිවරණය බවට පත්කර ගත යුතුව තිබෙනවා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා ඉකුත් 30 වැනිදා මාතර දී පැවසීය.

මාතර සණස රැස්‌වීම් ශාලාවේදී පැවැති රැස්‌වීමක්‌ අමතා ඒ මහතා එසේ පැවසීය.

ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල මහතා දිනුවාට පස්‌සේ හැම දෙයක්‌ම කරන්න වෙන්නේ තිබෙන පාර්ලිමේන්තුව සම්බන්ධ කරගෙන. මේ තිබෙන පාර්ලිමේන්තුව තිබෙන අවශ්‍යතාවයන් ඉටුකරන්න උපකල්පනයක්‌ වශයෙන් මම කියන්නේ මේ අවශ්‍යතාවන් ඉටු කරන්න ඒ තිබෙන පාර්ලිමේන්තුව අත උස්‌සයිද? අත ඉස්‌සුවේ නැත්නම් මේ පාර්ලිමේන්තුව අපට පනතක්‌ සම්මත කරලා දෙයිද? හොරකම් වංචා මංකොල්ලකෑම් කළ අයට දඬුවම් දෙන්න යහපාලනය හදන්න දැන් මේ පාර්ලිමේන්තුව සම්මත කරලා දෙයි කියලා හිතන්න බැහැ. ඒවා කරපු අය ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ. ඊළඟ පාර්ලිමේන්තුවෙන් අපි ජනතාවාදී පාර්ලිමේන්තුවක්‌ හදන්න ඕන. දැන්ම සිට මහ මැතිවරණය ගැන හිතන්න වෙනවා. මේ යුගලය හරියට පාවිච්චි කළොත් තමයි පැටියා ලැබෙන්නේ.

ටීඑන්ඒ දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීගේ පිලට සහයෝගය දෙන්න තීරණය ගත්තා. ඒ නිසා අද ඉඳන් එම දේශපාලන සාකච්ඡා මොනවාද කියලා කාටත් තේරෙනවා. ලංකාවට ආවා සල්මන් ඛාන්. එය පරාජයේ එක්‌ සංකේතයක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ඡන්ද ඔක්‌කොම ලැබුණත් රාජපක්‌ෂට දිනන්න බැහැ. බණ්‌ඩාරනායක ඉන්දෙද්දීත් බැරි වුණා. හැමදාම සන්ධානයක්‌ හදාගන්න සිද්ධ වුණා. මේ වෙලාවේ තිබෙන තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත් ඡන්ද ප්‍රමාණයක්‌ අඩුවෙලා. මහින්ද වටා තිබෙන ඡන්ද දිහා බැලුවොත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට ඡන්ද ටිකක්‌ තිබෙනවා.

දෙමළ ඡන්දදායකයන් මහින්දට ඡන්දය දෙන්නේ නැහැ.

යුද්ධ කාලයේ මුස්‌ලිම් ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ආණ්‌ඩුව සහයෝගය දුන්නා. යුද්ධය ඉවර වුණාම ඒ අයත් මොනවා හරි ජාතිවාදයක්‌ අවුස්‌සා ගැනීමේ අරමුණින් එක එක බලසේනා අටවාගෙන තිබෙනවා. රටේ මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව ආගම්වාදී ජාතිවාදී අරගලයක්‌ එළියට ඇද ගන්න උත්සාහයක්‌ ගත්තා. එයින් මෙතෙක්‌ කල් යම් ප්‍රමාණයක්‌ සහය දුන්නානම් ඒ ඉන්න ප්‍රමාණයත් ඉවත් වුණා.

අටවැනිදා ඡන්දෙන් 09 වැනිදා මෛත්‍රී දිනන්නේ. ඔය අස්‌සේ පැරදුණත් යන්නේ නැහැ කියලා කතන්දරයක්‌ තිබෙනවා. එහෙම වුණොත් ජනතාව මොනවද කරන්නේ. ජනතාවට සිද්ධ වෙනවා යවන්න. අපි සටන් කළේ අපිට අහිමි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්නයි.

මෛත්‍රී දිනලා හදනවාලු අලුත් ආණ්‌ඩුවක්‌. ඒක ජාතික ඒකාබද්ධ ආණ්‌ඩුවක්‌. ඔහුට ඒ පොදු ආණ්‌ඩුව හදන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එකතු වුණොත් පමණයි. සියලු පක්‍ෂවලින් සමන්විත ඇමැති මණ්‌ඩලයක්‌ හදන බවට කියනවා. රනිල් අගමැති බවට පත්කරන බවට කියනවා. මෛත්‍රීපාල මහත්තයා කියන විදියට ජනාධිපති ඉන්නවා. එයා සතු බලතල තමයි පාර්ලිමේන්තුවට ගන්නේ.

විධායක ඉංජිනේරු උපාලි රත්නායක, සී. මොහොට්‌ටි යන අයද කතා කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.