ඩිලාන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වෙයි

ශිරාන් රණසිංහ

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කර තිබේ.

මෙම තීරණය දැනුම්දීම සඳහා ඒ මහතා ඊයේ (09 වැනිදා) කොළඹ, මහ බැංකු ගොඩනැඟිල්ලේ පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ ද කැඳවා තිබිණි.

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ඒ මහතා තීරණය කර ඇත්තේ නව ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ නිසාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.